Featured Post

How to create Bootable USB Using Ventoy

Apple සමාගම iPhone 11 නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.


පසුගිය වසරේ එළිදැක්වූ iPhone XR හි සාර්ථකත්වය මත පදනම්ව ඉදිරිපත්කල iPhone 11 ජංගමදුරකතනයට මේවනවිට ලොවපුරා විශේෂ සැලකිල්ලක් ලැබී ඇත.Rosenblatt Securities analyst හි Jun Zhang ගේ නවතම වාර්ථාවකට අනුව iPhone 11 නිකුත්කර මාසයක් වැනි කෙටි කාලයක් තුළ ජංගම දුරකථන මිලියන 12 ක් අලෙවි කර ඇත.මෙම වාර්තා සංඛ්යා තරමක් සිත්ගන්නා සුළුවේ.වාර්තාවට අනුව Apple සමාගම iPhone 11  නිෂ්පාදනය තවත් මිලියන1.6 කින් වැඩිකිරීමට සුඋදානම් වේ.
අනෙක් අතට iPhone 11 Pro හා Pro Max එතරම් සාර්ථකව අලෙවි නොවන අතර පසුගිය වසරේ එළිදැක්වූ iPhone XS යුගලයට වඩා 15% කින් අලෙවිය අඩුය.මෙම පසුබෑම හේතුවෙන් Apple සමාගම විසින් iPhone 11 Pro series  එකෙහි නිෂ්පාදනය මිලියන 2 කින් පමණ අඩු කරනු ඇතැයි Jun Zhang අනාවැකි පල කරනු ලබයි.

සමස්ථයක් ලෙස ගත්කල iPhone 11 හා iPhone 11 Pro වසර අවසන් වීමට පෙර shipment මිලියන 70 වේ සීමාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.2020 දෙස බලන විට iPhone SE 2 නිකුත්වූ පසු පළමු කාර්තු දෙක තුල ඉහත කී iPhone වල අලෙවිය අඩුවනු ඇතැයි Jun Zhang ගේ වාර්තාව අනුමාන කරයි.

GSMGeek 2019/10/26

Comments