Featured Post

How to create Bootable USB Using Ventoy

Problem of FaceApp : මොකද්ද මේ FaceApp ගැටලුව ?

මේ දිනවල සමාජ මාධ්‍ය පුරා පැතිරයමින් තිබෙන “Face App Challange” එකට බොහෝ පිරිසක් යොමුවී තිබෙන බව දැකගැනීමට පුළුවන්. විදෙස් රටවල් කිහිපයකත් මේ දිනවල “FaceApp” එක බොහොම ජනප්‍රියයි එයට හේතුව එහි ඇති අපූරු Filters කිහිපයක් නිසාවෙනි. කොහොම වුනත් මේ “FaceApp” එක හේතුවෙන් ඉතාමත් සංවේදී දත්ත අනතුරක පවතින බවට නොයෙකුත් තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

FaceApp කියන්නේ රුසියානු ආයතනයක් විසින් නිර්මාණය කරන ලද Mobile Application එකක් වන අතර එය දැනට iOS, Android කියන මෙහෙයුම් පද්ධති දෙකටම භාවිත කරන්න පුළුවන්. මේ App එක මුලින්ම කරළියට එන්නේ 2017 වසරේදී වන අතර ඒ කාලයේදීත් බොහෝ ජනප්‍රිය වන මේ App එක යළිත් රැල්ලක් බවට පත් වී තිබෙනවා.
මේ වනවිට “FaceApp” එකට එල්ල වෙමින් පවතින චෝදනාව නම්, මෙම App එක මඟින් ඔබගේ සියළුම ඡායාරූප ලබාගන්නා බවත්, මෙහි Privacy සහ Policy පිළිබඳව ගැටලුකාරී තත්වයන් තිබෙන බවත්ය, කොහොම වුනත් දැනට එවැනි දෙයක් සිදුවී ඇති බවට කිසිඳු තොරතුරක් වාර්තා නොවන අතර මේ  සම්බන්දව මෙම “FaceApp” නිර්මාණය කළ ආයතනය හට චෝදනා කිරීමට නොහැකි බවට අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා.

මේ පිළිබඳව “FaceApp” නිර්මාතෘ සමාගමේ හිටපු විධායක නිලධාරී “Yaroslav Goncharov”, පවසා ඇති පරිදි මෙම “FaceApp” එකෙහි Filter කිරීම සඳහා පරිශීලකයන් විසින් ඇතුලත් කරන ඡායාරූප පමණක් ඔවුන් විසින් ගබඩා කරගන්නා බවත්, Filter කිරීම සඳහා පරිශීලකයන් විසින් ඇතුලත් නොකරන කිසිඳු ඡායාරුපයක් ඔවුන් විසින් ගබඩා කරනොගන්නා බවත්,  කිසියම් කාල සීමාවකට පසුව ඔවුන් විසින් පරිශීලකයන්ගෙන් ලබාගන්නා දත්ත මකා දමන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. කොහොම වුවත් මෙම App එක පරිශීලනය කරන ඕනෑම අයෙකුට ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව ගැටළුවක් තිබෙනවානම් Setting>Support>Report ඔස්සේ ඔවුන්ගේ ගැටලුව ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.
ඇත්තටම මෙම “FaceApp” සමාගම විසින් ඔබගේ ඡායාරූප මකා දමන්නේද නැතිද යන්න පිළිබඳව වගකීමක් දැරීමට කිසිවෙකුට හැකියාවක් නැත. නමුත් සෑම විටම අප විසින් FaceApp එකට යොදාගන්නා ඡායාරූප පිළිබඳව දැඩි අවදානයකින් සිටීම කළ යුතු අතර ඕනෑම කාරණයකදී, විශේෂයෙන් මෙවැනි Apps තුලදී ඔබගේ සංවේදී දත්ත භාවිතා කිරීමේදී සහ ඔබගේ දත්ත මෙවැනි Apps වලට ලබාගැනීමට අවසරදීමේදී ඔබගේ පෞද්ගලිකත්වය ගැන හොඳින් සිතාබැලිය යුතුය.
GSMGeek 2019/10/28

Comments