Featured Post

How to create Bootable USB Using Ventoy

Google සමාගම මේ වසරේ Android 10 Update කරන නිෂ්පාදකයින් ලැයිස්තුගත කරයි


ඇන්ඩ්‍රොයිඩ් හි ප්‍රධාන ගැටළු වලින් එකක් වන්නේ සමාගම් විශාල ප්‍රමාණයක් විවිධ දුරකථන විශාල ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කිරීමයි.විවධ දුරකථන විශාල ප්‍රමාණයක්  යාවත්කාලීනව තබා ගැනීමට සමාගම් වලට වැඩිපුර වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර බොහෝ සමාගම් එසේ කිරීමට එතරම් උනන්දුවක් නොදක්වයි.ඇන්ඩ්‍රොයිඩ් 8.0 (Oreo) නිකුත් කිරීමත් සමඟ ගූගල් සමාගම  Project Treble නමින් අලුත් ව්‍යාප්‍රතියක් හඳුන්වා දෙන ලදී. Project Treble, Android සඳහා modular පදනමකින් ගෙන එන ලදී.Project Treble  හඳුන්වා දීමත් සමඟ දේවල් වැඩිදියුණු කිරීම සඳහා ද  සමාගම්වලට ඔවුන්ගේ උපාංග කාලානුරූපව යාවත්කාලීන කිරීම ද  පහසු කළේය.

නව බ්ලොග් සටහනක,Android මෙහෙවුම් පද්ධතියේ විවිධ  සංස්කරණයන් භාවිතා වන අනුපාතවල විස්තරයක් තිබෙන අතර ඒ අනුව Android 9 Pie පළමු වසර තුළ වැඩිම  භාවිතයක් ඇති  සංස්කරණය බව පෙනී යයි.එය සමස්ත Android මෙහෙවුම් පද්ධති සංස්කරණයන් ගෙන් 22.6% වේ.Project Treble ගෙන ඒමත්, ප්‍රධාන නිෂ්පාදකයින් සමඟ ඇති සමීප සම්බන්ධතාවය නිසා මෙම විශාල අගයට ලඟා වීමට හැකිවූ බව Google සමාගම සඳහන් කරයි.Oreo හා  Pie අතර update  කිරීමේ සාමාන්‍ය කාලය මාස 3 කින් අඩු කළ බව Google සමාගම සඳහන් කරයි.  Android 10 වෙත update කිරීම වඩාත් ඉක්මණින් සිදුවනු ඇතැයි Google සමාගම සඳහන් කරයි.
දැනටමත් Essential,Xiaomi and OnePlus  තමන්ගේ  දුරකථන වලට  Android 10, Google සමාගම සමග එක් වී ලබා දී ඇති අතර  තවත් නිෂ්පාදකයින් වසර අවසානයට පෙර Android 10 stable build නිකුත් කිරීමට අපේක්ෂා කරයි.
ASUS, LG, Motorola, OPPO, Realme, Samsung, Sharp, Sony, Transsion, Vivo වැනි බොහෝ සමාගම් මේ වසර අවසානයේදී ඔවුන්ගේ සමහර උපාංග  Android 10 වෙත update කිරීමට බලාපොරොත්තු වේ.

2019/10/25 GSMGeek

Comments

Post a Comment