Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei නිර්මාතෘවරයා ජංගම දුරකථන මිලියන 270 shipment කරන බව පවසයි.

මේ සතිය තුල Huawei සමාගම විසින් සමාජ මාධ්ය හරහා නිවේදනය කරන ලද්දේ තම සමාගම smart phone මිලියන 200 ක් shipment කර ඇති බවයි.සමාගම පවසන්නේ ගිය වසරේ එනම් 2018 දී මිලියන 200 සාම්පූර්ණ කිරීමට වඩා දින 64 කට පෙර එම ඉලක්කයට ළඟා වූ බවයි.දැනට පවතින US,China වෙළඳ යුද්ධය හා ඇමෙරිකාව තුළ Huawei තහනම් කර තිබුනද Huawei smart phone , වෙළඳපළෙහි තම කොටස වර්ධනය කර ගනිමින් සිටී.US,China වෙළඳ යුද්ධයට ස්තූති වන්නට Mate 30 and Mate 30 Pro චීන වෙළඳපළට නිකුත් කරන ලද්දේ විශාල වට්ටමක්ද සහිතවය.Huawei නිර්මාතෘ Ren Zhengfei යුරෝපීය මාධ්ය වෙත ප්රකාශ කරන ලද්දේ මේ වසරේ smart phone මිලියන 270 shipment කිරීමට බලාපොරොත්තු වන බවයි.එය විශ්ලේෂකයින් අපේක්ෂා කළ තරමට වඩා මිලියන 20 ක් වැඩි බවත්ය.


Huawei සමාගම 2016 දී නිර්භයව ප්රකාශ කරන ලද්දේ තමන් 2021 වනවිට ලොව අංක 1 smart phone Brand එක බවට පත්වන බවත්,2019 දී එය මිලියන 270 වට ළඟා උවහොත් තමන්ට එම ඉලක්කය සපුරා ගත හැකි බවත්ය.නමුත් මේ අතර samsung සමාගමද smart phone මිලියන 290 ක්  අලෙවි කර ඇත.







Huawei Mate 30 ද සුපිරි තාක්ෂනයන්ගෙන් යුක්ත වන අතර එය තවම අන්තර්ජාතික වෙළඳපලට නිකුත්කර නොමැත.U.S තහනම නිසා දැනට Google Services නොමැතිව බටහිර රටවල එයඅලෙවි කිරීම අපහසු වී ඇත.වසර අවසානයේ නිවාඩු කාලයට Huawei සමාගම විසින් foldable Mate X දුරකථනය නිකුත් කිරීමට බලාපොරොත්තුවෙයි.ඉදිරියට එළබෙන කාර්ය බහුල මාස දෙකත් සමඟ Huawei සමාගමට තම ඉලක්කය කරා ළඟා වීමටබොහෝ දුරට හැකි වේවි.


GSMGeek 2019/10/26

Comments