Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei nova 6 bags 3C certification : Huawei nova 6 කොයිවගේ වෙයිද?

පසුගිය සති වල අපට Huawei nova 6 හි අන්තර්ජාලයට leake වුණු design එකක් දැකගත හැකි උනා.මෙම දුරකථනය TENAA හිදී පිළිවෙළින් WLZ-AN00 සහ WLZ-AL10 යන අංක වලින් 5G හා 4G version දැක්වුණා.එහිදී 4G මාදිලිය 40W fast charging සහාය දක්වන වන බව සඳහන් විය.


nova 6 4G version එකෙහි 3C (China Compulsory Certification)ලැයිස්තුවෙන් හෙළි වන්නේ දුරකථනය 40W fast charging සඳහා සහාය වන HW-100400C00 adapter සමග වෙළඳපලට නිකුත් කරන බවයි.මෙම 3c ලැයිස්තුව වෙනත් කරුණු හෙළි නොකරන නමුත් පසුගිය සති වල අන්තර්ජාලයට leake වුණු කරුණු අනුව දුරකථනයෙහි පිටුපස quad camera setup එකක්ද ඉදිරිපස punch-hole display එකෙහි dual camera setup එකක්ද ඇති බවට තහවුරු වේ.



කෙසේ නමුත් Huawei සමාගමෙන් nova 6 ගැන මේ වනතුරු කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවත් කටකතා වලට අනුව එය දෙසැම්බරයේදී වෙළඳපලට නිකුත් වෙනු ඇතැයි සිතිය හැකිය.


GSMGeek 2019/10/30

Comments

Post a Comment