Featured Post

How to create Bootable USB Using Ventoy

Microsoft සමාගමේ Chromium-based Edge browser යේ stable build නිකුත් වීමට ආසන්නද ?


පසුගිය වසරේ Microsoft සමාගම විසින් ඔවුන්ගේ Edge browser සඳහා Chromium framework වෙත මාරු වන බව තහවුරු කරන ලදී.එතැන් සිට Microsoft සමාගම   Chromium-based  Edge browser ය සඳහා update කිහිපයක් Canary and Dev channels හරහා නිකුත් කරන ලදී.ඉන් පසුව 2019 අගෝස්තු මාසයේදී Microsoft සමාගම  Windows and Mac OS යන Operating System දෙකටම  Edge beta version  නිකුත් කරන ලදී.

දැන්වසරකට ආසන්න කාලයක් කල අත්හදා බැලිම්වලින්  පසු,Microsoft සමාගම Chromium-based  Edge browser
  නිල වශයෙන් දියත් කිරීමට සූදානම් වන බවක් පෙනේ. ගූගල් හි කරනලද සෙවීම් වලදී Microsoft Edge stable version එක සඳහා download link එහි පෙන්වන ලදී.මිට පෙරද Microsoft Edge stable version එක සඳහා download link Google search වලදී පෙන්වන ලදී. මීට මාස කිහිපයකට පෙර Microsoft Edge stable build එකක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණි.

දැනට තියෙන හොඳම දෙය නම් ඔබට Microsoft Edge stable build එක අත්හදා බැලීමට අවශ්‍ය නම් දැන් එය Microsoft web වෙබ් අඩවියෙන් download කර ගත හකිවීමයි.නමුත් සැලකිය යුතු දෙයක් වන්නේ Chromium-based Edge install කල පසු classic Edge browser සම්පුර්ණයෙන්ම ඉවත් වී යාමයි. තවද Chromium-based Edge browser uninstall කිරිඉමටද නොහැක.


2019/10/25 GSMGeek



Comments