Featured Post

How to create Bootable USB Using Ventoy

NVIDIA launches the GTX 1660 SUPER and GTX 1650 SUPER : NVIDIA වෙතින් අලුත් graphics card දෙකක්

NVIDIA සමාගම විසින් මධ්‍යම මිල කාණ්ඩයේ නව graphics card දෙකක් හඳුන්වා දී තිබෙනවා.ඒවානම් GTX 1660 SUPER සහ GTX 1650 SUPER ලෙස නම්කොට ඇත.මෙම graphics card දෙක AMD සමාගම විසින් හඳුන්වා දීමට නියමිත AMD RX 5500 graphics card එකට හොඳ තරඟයක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරමු.

GTX 1660 SUPER යනු motherboard නිෂ්පාදකයින් සඳහා නිකුත් කරන card එකකි. එය මෙම වසර මුලදී දියත් කරන ලද GTX 1660 හි වැඩි දියුණුවකි.කෙසේ නමුත් මෙය GTX 1660 වෙනුවට නොව,GTX 1660 සහ GTX 1660 Ti අතර ඇති card එකකි. 

GTX 1660 SUPER සමන්විත වන්නේ GTX 1660 හි ද ඇති 1408 CUDA cores සහ 1530 MHz base clock speed එකක් හා 1785 MHz boost clock speed එකකිනි.මේ දෙක අතර ඇති එකම වෙනස වන්නේ GTX 1660 හි 8Gbps GDDR5 හා සසඳන විට GTX 1660 SUPER හි වඩා වේගවත් 14Gbps GDDR6 memory  භාවිතා කිරීමයි. NVIDIA සමාගම කියා සිටින්නේ මෙය GTX 1660 ට වඩා 20% සහ GTX 1060 6GB ට වඩා 1.5 ගුණයක් වේගවත් බවයි. GTX 1660 Ti card එක GTX 1660 SUPER එකට වඩා හොඳින් perfome කරන අතර එයට  CUDA cores (1536) ක් ඇත.නමුත් GTX 1660 SUPER හි වේගයට වඩා සැලකියයුතු වේගයක් එහි නොමැත.

ඊළඟට GTX 1650 SUPER දෙස බලමු.එහි CUDA cores (1280) ක් ඇත.GTX 1650 (CUDA cores 896) හා සසඳන කල ඉහල අගයකි.මෙහි base clock speed එක 1665MHz අතර boost clock එක 1485MHz වේ.GTX 1650 SUPER, 12Gbps GDDR6 memory ක් සමඟ පැමිණෙන නමුත් එය දැනට 4GB ට සීමා වී ඇත.NVIDIA සමාගම කියා සිටින්නේ මෙය (GTX 1650 SUPER), GTX 1650 ට වඩා 50% සහ GTX 1050 ට වඩා 2 ගුණයක් වේගවත් බවයි.

GTX 1660 SUPER,ASUS, Colourful, EVGA, Gainward, Galaxy, Gigabyte, Innovision 3D, MSI, Palit, PNY සහ Zotac ඇතුළු තවත් සමාගම් වලට ඩොලර් 229 ක ආරම්භක මිලකට විකිණීමට ඇත.GTX 1650 SUPER නොවැම්බර් 22 වනදා ලබා ගත හැකි අතර ඒසඳහා මිලක් නියම කර නැත.

GSMGeek 2019/10/30

Comments