Featured Post

How to create Bootable USB Using Ventoy

How about Samsung Galaxy S11 ? : Samsung Galaxy S11 කොයි වගේ වෙයිද?

2019 සඳහා ආපු flagships Phone දැන් ටිකක් පරණයි.දැන් 2020 සඳහා පැමිණීමට නියමිත device ගැන ටිකක් බලමු.මුලින්ම අපට බලාපොරොත්තු විය හැක්කේ Galaxy S11 ගැනය.පළමුව Galaxy S11 හි chipset එක වෙළඳපල අනුව Snapdragon 865 සහ Exynos 9830 යන මාදිලි වලින් නිකුත් විය හැකිය.සුපුරුදු පරිදි චීනය සහ එක්සත් ජනපදය සඳහා Snapdragon 865 සහ ලෝකයේ සෙසු රටවල් සඳහා Exynos 9830 ද වියහැකිය.

Samsung One UI 2.0 beta හි ඇති face unlock පහසුකම මෙම Galaxy S11 වලට ලැබෙනු ඇත.නමුත් එය අලුත් දෙයක් නොවේ.දුරකථනයෙහි ඉහල selfie camera වක් දැකගත නොහැකි වන අතර samsung සමාගම බොහෝවිට punch hole design එකම බොහෝ දුරට යොදා ගනියි.අනෙකුත් Hardware ගැන බැලුවොත් LPDDR5 memory, UFS 3.0 storage සමඟ 5G සම්බන්ධතාවය ඇත.මෙම දුරකථනයෙහි 4G version  එකක් නිකුත් කරයිද එසේත් නොමැතිනම්  සියලුම දුරකථන 5G ද කියා තවම අනාවරණය වී නැත.



GSMGeek 2019/10/29

Comments