Featured Post

How to create Bootable USB Using Ventoy

About Web Browser : Web Browser ගැන සිංහලෙන්

Web browser ක් යනු වෙබ් පිටු සොයා ගැනීමට, ප්‍රවේශ වීමට සහ ප්‍රදර්ශනය කිරීමට අප භාවිතා කරන මෘදුකාංග වැඩසටහනකි.සාමාන්‍ය භාවිතයේදී Web browser යන්න Browser ලෙස කෙටි කර හඳුන්වනු ලබයි.Browser ය මූලික වශයෙන් භාවිතා කරනු ලබන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි ප්‍රදර්ශනය කිරීම,වෙබ් අඩවි වලට පිවිසීම සඳහා මෙන්ම Hypertext Markup Language (HTML) සහ Extensible Markup Language (XML) භාෂා භාවිතා කර නිර්මාණය කරන ලද වෙනත් අන්තර්ගතයන් භාවිතා කිරීමටය.Browser ය විසින් Web Page සහ Web Site  Hypertext Transfer Protocol  (HTTP) භාවිතයෙන් අපට කියවිය හැකි ආකාරයට පරිවර්තනය කරයි.තවද Browser යට ආරක්ෂිත HTTP (HTTPS),File Transfer Protocol (FTP), email handling (mailto:), සහ files (file:) වැනි වෙනත් Protocol සහ prefixes හැසිර වීමේ හැකියාවද ඇත.ඊට අමතරව බොහොමයක් Browser වෙබ් පිටු වල අන්තර්ගත video, audio සහ game ප්‍රදර්ශනය කිරීමට  අවශ්‍ය external plug-in සඳහා සහය දක්වයි.

Google Chrome


Mozilla Firefox

Opera



Apple Safari

Microsoft Edge

විවිධ වෙබ් බ්‍රව්සර් විවිධ අංගයන්ගෙන් ලබා ගත හැකි අතර ඒවා විවිධ මෙහෙයුම් පද්ධති මත ක්‍රියා කිරීමට සැලසුම් කර ඇත.පොදු වැඩියෙන්ම භාවිතා වන Browser අතර Google Chrome,Mozilla Firefox ,Microsoft Internet Explorer සහ Edge,Opera,Apple SafariApple ප්‍රධාන තැනක් ගනී.සියලුම ප්‍රධාන බ්‍රව්සර් වල ජංගම උපකරණ සඳහාද වෙනමම version ඇත.
වෙබ් බ්‍රව්සර් 1980 දශකයේ අග භාගයේ සිටි ඉංග්‍රීසි විද්‍යාඥ Tim Berners-Lee විසින් World Wide Web (WWW) සඳහා මුලින්ම ඉදිරිපත් කල අදහසක් වැඩි දියුණු කිරීමකි.1993 දී Mosaic නම් නව Browser ක් හදුන්වාදුන් අතර එහි graphical-interface එක නිසා වඩාත් ඉක්මනින්ම පුළුල් ලෙස භාවිතා වුනි.Mosaic සංවර්ධන කණ්ඩායමේ සාමාජිකයෙකු වන Marc Andreesen 1994 දී මොසෙයික් මත පදනම් වූ තමන්ගේම වාණිජ Browser ක් සංවර්ධනය කිරීම සඳහා Mosaic කණ්ඩායමෙන් ඉවත් විය.ඉන්පසු ඔහු Netscape Navigator නමින් Browser ක් හදුන්වා දෙන ලදී.එය ඉතා ඉක්මණින් ම බ්‍රව්සර් වෙළඳපොළෙන් සියයට 90 කට වඩා ග්‍රහණය  කරගන්නා ලදී.
Mosaic Browser

Netscape Navigator 

නමුත් 1995 දී Microsoft සමාගම windows 95 සමඟ Internet Explorer නොමිලේ ලබාදීම නිසා Netscape Navigator ට දැඩි තරඟයකට මුහුණ දීමට සිදු විය.Internet Explorer නොමිලේ ලබාදීම නිසා Netscape Navigator මුදල් දී ලබා ගැනීම තේරුමක් නොමැති විය.එබැවින් Netscape Navigator භාවිතයෙන් ඉවත් වුණි.Mosaic සහ Netscape තවදුරටත් නොමැති නමුත් Web Browser එදා සිට අද දක්වාම අපට නැතුවම බැරි දෙයක් බවට පත්වී ඇත.

2019  සැප්තැම්බර් වනවිට Web Browser market share එක පහත ලෙස බෙදී ගොස් තිබුණි.

Desktop සහ  Laptop

Source: StatCounter Global Stats - Browser Market Share

Mobile Phone

Source: StatCounter Global Stats - Browser Market Share

සියළුම  උපාංගයන් සඳහා

Source: StatCounter Global Stats - Browser Market Share

GSMGeek 2019/10/29


Comments