Featured Post

How to create Bootable USB Using Ventoy

Apple just announced an iPhone 11 Smart Battery Case | Apple සමාගම නව Smart Battery Case එකක් හඳුන්වා දෙයි.

Apple just announced an iPhone 11 Smart Battery Case

Apple සමාගම නව Smart Battery Case එකක් හඳුන්වා දෙයි.


--------------------------------------------------------------------------------
සැප්තැම්බර් මාසයේදී Apple සමාගම විසින් iPhone 11 සහ  iPhone 11 Pro හඳුන්වා දුන් විට එම දුරකථන සඳහා සමාගමේ සාමාන්‍ය Smart Battery Case කොහෙවත් සොයාගත නොහැකි විය.2019/11/20 වන දින Apple සමාගම නිහඬවම iPhone 11, iPhone 11 Pro, සහ iPhone 11 Pro Max සඳහා Battery Case එකක් ඩොලර් 129 කට නිකුත් කළේය.store එක තුල නොවැම්බර් 26 වනදා සහ නැව්ගත කිරීම් නොවැම්බර් 27 වනදා  මෙම මාදිලි තුනම  ඇනවුම් කල හැකි ය.

මෙම Battery Case, iPhone 11 සඳහා මෘදු සුදු හෝ කළු (soft white or black) වර්ණයන්ගෙන්ද iPhone 11 Pro සහ Pro Max සඳහා රෝස වැලි, සුදු හෝ කළු (pink sand, white or black ) යන වර්ණයන්ගෙන් ලබා ගත හැකිය.

බැලූ බැල්මට, මෙම Smart Battery Case එක  Apple සමාගම පෙර iPhone මාදිලි සඳහා නිකුත් කොට  ඇති Battery Case වලට සමාන ය.නමුත් පෙන්වා දීමට වටින එක් අංගයක් මෙම Battery Case එකෙහි ඇත.එනම් මෙම නව  Battery Case එක සඳහා විශේෂිත කැමරා button එකක් ඇති අතර එය iPhone එක අගුළු දමා තිබේද නැද්ද (locked or not) යන්න නොසලකා camera app එක  විවෘත කරයි.
මෙහි නිෂ්පාදන විස්තරය වලට අනුව button එක ඉක්මණින් එබීමෙන් ඡායාරූපයක් ලබා ගත හැකි  අතර දිගු එබීමකින්  වීඩියෝවක් ගත හැකිය. ,මෙම button එක iPhone එක දකුණු පැත්තේ Case එකෙහි පතුලේ පිහිටා ඇත.සාම්ප්‍රදායික කැමරාවක ෂටර් බොත්තමක් බලාපොරොත්තු වන තැන මෙය පිහිටා ඇත. මෙම අතිරේක ක්‍රියාකාරිත්වය Smart Battery Case එකට සිත්ගන්නා සුළු නව එකතු කිරීමකි. විශේෂයෙන් iPhone 11 හි නව කැමරා හැකියාවන් සහ විශේෂාංග කෙරෙහි අවධානය යොමු කර ඇති අවස්ථාවක  මෙම නව එකතු කිරීමට පාරිභෝගිකයන් කෙසේ  ප්‍රතිචාර දක්වයිද ?

Source : zdnet
පෙර පළවූ post එකට - click here 


GSMGeek 2019/11/22


Comments