Featured Post

How to create Bootable USB Using Ventoy

Exclusive Look At The Huawei Nova 6 SE With Quad Rear Camera Setup | දෙසැම්බර් 05 Nova 6 SE කැමරා 4ක් සමග නිකුත් වෙයි ?

Exclusive Look At The Huawei Nova 6 SE With Quad Rear Camera Setup
දෙසැම්බර් 05 Nova 6 SE කැමරා  4ක් සමග නිකුත් වෙයි ? 

Huawei සමාගමේ  නවතම ස්මාර්ට්ෆෝන් එකක් වන Huawei Nova 6 ලබන සතියේ චීනයේදී  නිවේදනය කිරීමට බලාපොරොත්තු වේ.Nova 6  හි 4G   සහ 5G   ප්‍රභේදවලට අමතරව සමාගම තවත් සංස්කරණයක් එළිදැක්වීමට සූදානම් බව පෙනේ. එය Huawei Nova 6 SE ය. මෙම දුරකථනය ගැන අප අසා ඇති පළමු අවස්ථාව ද මෙය නොවේ. මීට පෙර නොවැම්බර් මාසයේ මුලදී දී Evan Blass  Twitter පණිවුඩයක් මගින් මෙම දුරකථනය පිළිබඳව තහවුරු කළේය.ඊට අමතරව, පසුගිය සති අන්තයේ දී දුරකථනයේ පළමු පින්තූර අන්තර්ජාලයෙහි පල විය. මෙම රූප එතරම් පැහැදිලි (කොළ පාට) පෙනුමක් නොදුනද අපට දල අදහසක් ලබා ගත හැකිය.

More than one Nova phone coming

මේ මොහොත වනවිට දුරකථනයෙහි නිශ්චිත තොරතුරු ගැන විස්තරයක් තවමත් නොමැත.කෙසේ වෙතත්, Nova 6 4G  හි සුවිශේෂී පින්තුරයක්  බෙදාගැනීමෙන් පසුව, Android Headlines web අඩවිය දැන් කොළ වර්ණයෙන් යුත් Nova 6 SE පිළිබඳ සුවිශේෂී පෙනුමක් ඇති පින්තුරයක් (share) බෙදා ගනියි.
නවතම කාන්දුවීම් ( leaks) වලට අනුව, Nova 6  සහ Nova 6 SE අනුවාද අතර වෙනස්කම් කිහිපයක් පෙන්නුම් කරයි.Nova 6 දුරකථනයේ ද්විත්ව ඉදිරිපස කැමරා ඇති අතර, Nova 6 SE හි ඉදිරිපස තනි කැමරාවක් යොදා ඇත.
මෙම දුරකථනයෙහි වැඩි උනන්දුවක් දැක්විය හැකි දෙය වන්නේ දුරකථනයේ පිටුපස කොටසයි. මේ දක්වා බොහෝ ඇති බොහෝ කටකතා quad-camera  සැකසුමක් පිළිබඳව කථා කරයි . නැවතත්, Evan Blass  විසින් quad-camera  සැකසුම ද තහවුරු කර ඇත.. සමහරු මෙම කැමරාවන් සිරස් අතට පෙළගස්වනු ඇතැයි උපකල්පනය කර ඇති අතර, හුවායි Nova 6 SE හි quad-camera සැකසුම හතරැස් හැඩැති(square-shaped) බව නවතම කාන්දුවීම්  වලින් තහවුරු කර  ඇත.දැන් බොහෝ දුරකථන සමාගම් Apple iphone 11 හි කැමරා සැකසුම අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබේ.දැනට තිබෙන තොරතුරු වලට අනුව Nova 6 SE හි quad-camera සැකසුම ද Apple iphone 11 හි සැකැස්මට සමාන බව පෙනේ.
කැමරා සැකැස්ම පිළිබඳ විස්තරයක් තවම සපයා නැත. කෙසේ වෙතත්, කටකතා වලින් කියැවෙන්නේ සෝනි හි නව IMX686 60 - megapixel මෙගාපික්සල් සංවේදකය සමග 16- megapixel, 2-megapixel සහ 2-megapixel sensor සමග මෙම දුරකථනය නිකුත් වීමට බොහෝදුරට ඉඩ ඇතිබවයි.

What we know about the Nova 6 SE's specs

සම්පුර්ණ පිරිවිතර ලැයිස්තුව ගැන අප තවම නොදන්නා අතර,දැනට තිබෙන තොරතුරු වලට අනුව Nova 6 අඟල් 6.44 ක display එකක් සහ Krin 990 ප්‍රොසෙසරයක් ඇතුළත් වන බවයි. 40-watt charging support  සහිත 4,000 mAh ධාරිතාවයකින් යුත් බැටරියක් ඇති බවය.මීට වෙනස්ව, Nova 6 SE හි ධාරිතාව 4,800 mAh බැටරියක් සහ 40-watt charging support සහිතය.
මීට අමතරව, Nova 6 SE බලගැන්වෙන්නේ සමාගමේ Kirin  810 7nm chipset එකෙන්ය.Kirin  810  ප්‍රථම වරට නිවේදනය කළේ Nova 5 ශ්‍රේණියට සමගාමීව මේ වසරේ ජුනි මාසයේදී ය.Kirin  990 සලකා බැලීමේදී සමාගමේ නව 5G SoC විසඳුම වන අතර සම්මත Nova 6 5G මාදිලියට එය ලබා ගත හැකි වනු ඇත.
අවසාන වශයෙන්, fingerprint sensor එක ගැන සඳහන් කිරීම වටී. පෙර Nova 6 කටකතාවලට අනුකූලව, Nova 6 SE  හි පැත්තෙන් (side-mounted) fingerprint sensor එක ඇති බව පෙනේ. 
Nova 6  දෙසැම්බර් පළමු සතියේ දී නිකුත්  කිරීමට සමාගම බලාපොරොත්තු වේ.Huawei සමාගම මෑතකදී දෙසැම්බර් 5 දින දියත් කිරීමේ සිදුවීමක් (launch event) නිවේදනයක්  නිකුත් කිරීමෙන් පසුව තහවුරු කළේය.මෙම නවතම රූපයේ දැක්වෙන දිනය මත පදනම්ව, දෙසැම්බර් 5 වන දින එකම උත්සවයේදී SE අනුවාදය ද එළිදැක්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.කෙසේ වෙතත් Nova 6 SE කොපමණ මුදලක් වේද යන්න පිළිබඳව දැනට කිසිදු තොරතුරක් නොමැත.


Comments