Featured Post

How to create Bootable USB Using Ventoy

Google launches YouTube Premium, YouTube Music Premium in 7 Asian countries | YouTube Premium සහ YouTube Music තවත් ආසියානු රටවල් 7කට.

Google launches YouTube Premium, YouTube Music Premium in 7 Asian countries

YouTube Premium සහ YouTube Music තවත් ආසියානු රටවල් 7කට.

--------------------------------------------------------------------------------
දැන්  YouTube premium එක ලොවපුරා ඉතා පහසුවෙන් ලබාගත හැකිය.YouTube Premium සහ YouTube Music යන දෙකම එක්සත් ජනපදයේ සහ තවත් රටවල් 16 ක් සඳහා 2018 ජුනි මාසයේදී ප්‍රසිද්ධියේ ලබා දෙන ලදී.ඉන්පසු මෙම වසර මුලදී ගූගල් සමාගම ඉන්දියාවේ මෙම සේවාවන් නිකුත් කළේය.දැන් YouTube Music Premium සහ YouTube Premium යන දෙකම තවත් ආසියානු රටවල් හතක නිකුත් කිරීමට නියමිතය.


Google සමාගම මෑතකදී පහත දැක්වෙන රටවල් ඔවුන්ගේ YouTube support pages වල දක්වා තිබුණි. Hong Kong Indonesia Malaysia Philippines Singapore Taiwan Thailand දැන් මෙම රට වල අයට මෙම සේවාවන් අත්විඳිය හැකිය.YouTube Premium සමග සියළුම video දැන්වීම් රහිතව (ad-free) පරිශීලකයින්ට නැරඹීම සිදුකල හැකි අතර offline නැරඹීම සඳහාද එම video, download කර ගැනීමට හැකිය.

YouTube Music Premium එකද free එකට සාපේක්ෂව දැන්වීම් රහිතව ලබා ගැනීමට පුළුවන.google සමාගම හීන්සිරුවට Play Music එක YouTube Music මගින් ප්‍රතිස්ථාපනය කරන බැවින්,Google විසින් Play Music සේවාව නිල වශයෙන් නතර කිරීමට පෙර දැන් මෙම රට වල අයට YouTube Music Premium වෙත මාරුවිය හැකිය.



Source  : androidauthority


GSMGeek  2019/11/08


Comments