Featured Post

How to create Bootable USB Using Ventoy

Oppo unveils Android 10-based ColorOS 7, new design, performance optimizations | Android 10 මූලික කරගත් Oppo ColorOS 7 නිකුත් වේ.

Oppo unveils Android 10-based ColorOS 7, new design, performance optimizations
Android 10 මූලික  කරගත්  Oppo ColorOS 7 නිකුත් වේ.

Oppo සමාගම විසින් මෙම වසර මුලදී ColorOS 6 නිකුත් කරන ලදී.දැන් එහි තිබු අඩුපාඩු නිවැරදි කරගෙන අලුත් මුහුණුවරක් ගනිමින් ඔවුන්ගේ මීළඟ Android සංස්කරණය වන Oppo ColorOS 7 එළිදක්වා ඇත.Oppo සමාගම මෑතකදී බීජිං හි පැවති උත්සවයකදී යාවත්කාලීන කිරීම පිලිබඳව නිවේදනය කළේය. මෙම  ColorOS 7, Android 10 මත පදනම් වී ඇති අතර ඇසට වඩාත් පහසු ලෙස සහ වඩාත් ප්‍රසන්න වර්ණ මාලාවක් ලබා දීමට සම්පූර්ණයෙන්ම නවීකරණය කරන ලද UI එකක් නිර්මාණය කර ඇත.
Oppo විසින් ගොඩනඟන ලද focus mode,නව මුරපද කළමණාකරණ මෙවලමක්(new password managing tool) සහ ColorOS 7 හි මෑතකදී භාවිතා කළ App අතර ඉක්මණින් මාරු වීමට පරිශීලකයින්ට ඉඩ සලසන බොත්තමක් ද මෙහිදී එක් කර ඇත.night mode එකක්  සහ video editing tools සමගින් camera app එක මෙවර නැවත වැඩිදියුණු කර ඇත.
තවද ColorOS 7, RAM ප්‍රශස්තිකරණය (RAM optimization) වැඩිදියුණු කර ඇති අතර එමගින්  App  ආරම්භක වේලාවන් 40%  දක්වා අඩු කර ඇති අතර සමස්තයක් වශයෙන් game සඳහා වැඩි දියුණු කළ අත්දැකීමක් ලබා දෙයි. 
Oppo සමාගම මෙම ColorOS 7 හි ශබ්ද ප්‍රයෝග වැඩිදියුණු කිරීම සඳහා ඩෙන්මාර්ක ශබ්ද සමාගමක් වන Episound සමඟ සම්බන්ධ වී ඇත.මෙම ඩෙන්මාර්ක සමාගම සමග සම්බන්ධවී කරන ලද වැඩිදියුණු කිරීම් නිසා ඔබ වටා ඇති භෞතික ලෝකයේ ශබ්ද වඩාත් උසස් කිරීමට හැකිවී ඇත.මෙම මෙහෙයුම් පද්ධතිය වඩාත් සුමට හා ස්වාභාවික(smoother, more natural ) අත්දැකීමක් වනු ඇතැයි Oppo සමාගම බලාපොරොත්තු වේ.
Oppo සමාගම  මෙම ColorOS 7 වෙනත් උපාංග වලට මුදා හැරීමට පෙර නිකුත් කිරීමට නියමිත Reno 3 දුරකතනයට ලබා දෙනු ඇත. පසුව, එය 2019 අවසන් වන විට තවත් Reno දුරකතනය කිහිපයකට ලබාදීමට කටයුතු කරනු ඇත.Reno, Reno 2, Reno Ace, සහ Reno 10x Zoom මෙම ලැයිස්තුවට අඩංගු වේ.වේ. නමුත් යාවත්කාලීනය 2020 පුරා අනෙකුත් Reno, Find, R, සහ RealMe වැනි උපාංග සඳහාද ලබා දීමට Oppo සමාගම කටයුතු කරනු ඇත.


ColorOS 7 නිකුත් කිරීමට නියමිත දුරකථන ලැයිස්තුව පහත  දක්වා ඇත.

OPPO Phones (china)
Phase 1 (November 25, 2019)
Oppo Reno
Reno Inspired Version
Reno 10x Zoom
Reno Barcelona Custom Edition
Reno Ace
Reno Ace Gundam Edition

Phase 2 (December 2019)
Oppo Reno 2

Phase 3 (Q1, 2020)
Oppo Reno 2 Z
Reno Z
Oppo Find X
Oppo Find X Lamborghini Edition
Oppo Find X Super Flash Edition
Oppo R17
Oppo R17 New Year Edition
Oppo R17 Pro
Oppo R17 Pro New Year Edition
Oppo R17 Pro King Custom Edition
Oppo R17 Pro Pikachu Custom Edition
Oppo K5

Phase 3 (Q2, 2020)
Oppo R15
Oppo R15 dream mirror version
Oppo K3
Oppo A9
Oppo A9x
Oppo A11
Oppo A11x

Realme Phones (China )

Phase 1 (February 2020)
Realme X
Realme X Youth Edition

Phase 2 (March 2020)
Realme Q

Phase 3 (April 2020)
Realme X
Realme X Youth Edition
=======================
Oppo Phones (Globel)
Oppo Reno 2
Oppo Reno 2F
OPPO Reno 10X Zoom

Realme Phones (Globel)
Phase 1 (Jan-March, 2020)

Realme 3 Pro
Realme 5 Pro
Realme X
Realme XT

Phase 2 (April-June, 2020)
Realme 3
Realme 5
Realme 3i

Phase 3 (July-September, 2020)
Realme 2 Pro

Comments