Featured Post

How to create Bootable USB Using Ventoy

දැන් ඔබට වින්ඩෝස් 10 පරිගණකයෙන් දුරකථන ඇමතුම් ලබා ගත හැකිය

YOU CAN MAKE CALLS FROM WINDOWS 10  PC WITH ANDROID
දැන් ඔබට වින්ඩෝස් 10 පරිගණකයෙන් දුරකථන  ඇමතුම් ලබා ගත හැකිය 


ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට සම්බන්ධ වී ඇති වින්ඩෝස් 10 පරිගණකය සමඟ ඇමතුම් ලබා ගැනීමේ හැකියාව දැන් සෑම කෙනෙකුටම කළ හැකිය.Microsoft සමාගමේ Your Phone app එකෙහි නවතම යාවත්කාලීනයට ස්තූති වන්නට දැන් එය සැබෑවක් වීඇත.මෙම ක්‍රියාකාරිත්වය දැන් මාස කිහිපයක් තිස්සේ Insider channel එකෙහි පරීක්ෂාවට ලක්ව ඇත, නමුත් අද ඔවුන්ගේ නිල ට්විටර් ගිණුමෙන් ඇඟවුණේ එය stable channel එකෙහි ලබා ගත හැකි බවයි.
කෙසේ වෙතත්, මෙම නව අංගය බෙදා හැරීම ක්‍රමයෙන් සිදුවන බව අප පෙන්වා දිය යුතුය. සමහර විට මේ මොහොතේ, එය සමහර වෙළඳපලවලට පමණක් මෙය සීමා විය හැකිය. බොහෝ විට Microsoft සමාගමේ නිජබිම වන එක්සත් ජනපදයට මෙය පළමුව නිකුත් කරාවි,ඉන්පසුව පසුව යුරෝපයට සහ අනෙකුත් මහාද්වීපවලට ව්‍යාප්ත කිරීමට ඔවුන්ගේ සැලසුම විය හැකිය.
මේ පිළිබඳව ඔවුන්ගේ twitter ගිණුමෙහි සටහන්ව තිබුනේ මෙසේය.
“Thank you #WindowsInsiders for your feedback over the last couple of months. Today, we’re pleased to announce the general availability of the #YourPhone app Calls feature, which allows you to receive and make phone calls on your PC: https://aka.ms/YourPhone” tweeted Windows Insider.”

පළමුව Your Phone app එක  ඔබගේ Windows 10 PC පරිඝනකයට install කල යුතුය.ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට නිල app එක  Play store එකෙන්  download කර ගත යුතුය. ඔබට පහත link වලින් ඒවා සොයාගත  හැකිය.දැන් උපාංග දෙක සන්නිවේදනය ආරම්භ කළ පසු, SMS, recent photos සහ calls වැනි විවිධ tab දර්ශණය වේ.මෙතැන් සිට phonebook එකේ ඇති ඕනෑම අංකයකට ඇමතිය හැකිය. ස්මාර්ට් ජංගම දුරකතනයට ඇමතුමක් ආවොත්, පරිගණකයකින් පිළිතුරු දිය හැකිය.
Your Phone | Windows | Windows Store, Free
Your Phone Companion | Android | Google Play Store, Free

Source : gizchina
GSMGeek 2019/12/13

Comments