Featured Post

How to create Bootable USB Using Ventoy

2019 වසරේ වඩාත් ජනප්‍රිය App 10 (App Annie අනුව )

The Most Popular Apps List 2019 (App Annie)
2019 වසරේ වඩාත් ජනප්‍රිය App 10 (App Annie අනුව )

App Annie විසින් mobile apps සහ games වල තත්වය පිළිබඳව නව තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ලිපියෙන්, අපි app කෙරෙහි අවධානය යොමු කරන අතර game කොටස ගැන තවත් තවත් ලිපියකින් අවධානය යොමු කරමු.
App Store එක සහ Google Play Store එක හරහා app  බිලියන 120 ක වාර්තා ගත download කිරීමක් 2019 දී ලොවපුරා පාරිභෝගිකයින් සිදු කර ඇති බව සමාගම විසින් පවසයි.
එය 2018 ට සාපේක්ෂව සියයට 5 ක වාර්ෂික (YOY) වැඩිවීමක් සනිටුහන් කරයි.App Annie සංඛ්‍යාලේඛන වලට තෙවන පාර්ශවීය ප්‍රභවයන් හරහා inatall කර ඇති app ඇතුළත් නොවන බව සලකන්න. 
පාරිභෝගිකන්ගේ වියදම්වල  වැඩිම අගය 2019 ද සලකුණු කරන බව App Annie සඳහන් කරයි.එය දළ වශයෙන් සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කරන අතර මේ වසර අවසන් වන විට ලොව පුරා ඩොලර් බිලියන 90 ක් කරා ළඟා වනු ඇති බවට ඔවුන් අනාවැකි පලකරයි . නැවතත් ඔබට මතක් කරන්නේ තෙවන පාර්ශවීය ප්‍රභවයන්ගේ app මෙයට ඇතුළත් නොවේ.
Games, ඇත්ත වශයෙන්ම, සංවර්ධකයින්ගේ විශාලතම ආදායම් මාර්ගය වේ. games වලින් බැහැරව, ඡායාරූප සහ වීඩියෝ සහ විනෝදාස්වාද කාණ්ඩ 2019 දී වැඩි ලාභයක් ලබා ඇති බවක් පෙනේ. Disney+ සහ ඒ හා සමාන සේවාවන් නිකුත් කිරීමත් සමඟ එම ප්‍රවණතාව දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

App Annie highlighted the most popular apps of 2019, along with some additional info

App Annie  විසින් නිශ්චිත තොරතුරු කිහිපයක් ද නිකුත් කරන ලදී. Download කිරීම්  අනුව හොඳම app  10 සහ game  ලැයිස්තුගත කර ඇති අතර පාරිභෝගික වියදම් සම්බන්ධ ඉහළම app  10 සහ game 10 ද ලැයිස්තුගත කර ඇත .

සපයන ලද තොරතුරු වලට අනුව, Facebook සතු app තුනක් ලැයිස්තුවේ ඉහළින්ම සිටී. Facebook Messenger, Facebook, සහ WhatsApp වැඩිපුරම download කර ඇති app තුන වේ.
එම app තුනට පසු TikTok, Instagram, සහ SHAREit,Likee, Snapchat, Netflix, සහ Spotify පළමු 10 ලැයිස්තුව සම්පූර්ණ කරයි.
පාරිභෝගික වියදම් සම්බන්ධයෙන් ගත් කල, Tinder අංක එකේ ය. ඉන් පසුව Netflix, Tencent Video, iQIYI, YouTube, සහ Pandora Music. Youku, LINE; Kwai, සහ LINE Manga පළමු 10 එම ලැයිස්තුව සම්පූර්ණ කරයි.

App Annie විසින් 2019 හි කඩිනම් යෙදුම් (breakout apps) කිහිපයක්ද ඉස්මතු කර දැක්වීය. එම ලැයිස්තුවේ පෙරමුණගෙන සිටින්නේ Likee සහ Noizz එම දෙකම YY Inc විසින් ප්‍රකාශයට පත් කරන ඒවාය .Helo – Share Your Life, Hago, සහ  YouTube music පිලිවෙලින් තෙවන, සිව්වන සහ පස්වන ස්ථාන ලබා ගන්නා ලදී.AppLock – Fingerprint, Pin & Pattern Lock, VMate, FaceApp, WhatsApp Business, සහ Cut Cut මෙම 10 ලැයිස්තුව සම්පූර්ණ කරයි.

2019 marked all-time highs in terms of app downloads and consumer spending

app downloads සහ consumer spending අනුව 2019 සර්වකාලීන ඉහළම ලකුණු සනිටුහන් කර ඇති බව App Annie සිය වාර්තාව අවසානයේ නැවත වරක් අවධාරණය කළේය. 2020 ඊටත් වඩා වැඩි වනු ඇතැයි වෙළඳපොළ පර්යේෂණ ආයතනය පවසයි.
mobile app කර්මාන්තය තවමත් ඇදහිය නොහැකි වේගයකින් වර්ධනය වෙමින් පවතින අතර, එය නතර කිරීමක් නොමැති බව මෙම වර්තා අනුව පෙනේ.
 Source : androidheadlines
GSMGeek 2019/12/17

Comments