Featured Post

How to create Bootable USB Using Ventoy

Google සමාගමෙහි සහ Alphabet හි සම-නිර්මාතෘවරු ඉවත් වෙයි.

Larry Page and Sergey Brin give Sundar Pichai control of Alphabet and Google
Google සමාගමෙහි සහ Alphabet හි සම-නිර්මාතෘවරු  ඉවත් වෙයි.

Google සමාගමෙහි සහ Alphabet හි සම-නිර්මාතෘවරු ඔවුන්ගේ වගකීම්  වලින්  තරමක් නිදහස් වීමට තීරණය කර ඇත.සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ධුරයෙන් Larry Page සහ Sergey Brin ඉවත් වන බව Alphabet  නිවේදනය කර ඇති අතර Google හි ප්‍රධාන විධායක නිලධාරී Sundar Pichai  වහාම සමාගම් දෙකෙහිම මූලිකත්වය ගෙන කටයුතු කරන බව සමාගම නිවේදනය කරන ලදී.Page සහ  Brin තවමත් සම-ආරම්භකයින්(co-founders), මණ්ඩල සාමාජිකයින්(board members) සහ කොටස් හිමියන්(shareholders) ලෙස කටයුතු කරනු  ඇත.නමුත් ඔවුන් දීර්ඝ කාලයක් තුළ පළමු වරට ඔවුන්ගේ නායකත්ව කාර්යභාරයෙන් ඉවත්වී යති.
ඉවත්වී යන Page සහ  Brin මෙය පැහැදිලි කළේ කළමනාකරණය විධිමත් කිරීම සඳහා “හොඳම කාලයක්” ලෙස ය.තවද Alphabet “හොඳින් ස්ථාපිත” වී ඇති අතර එහි විවිධ වෙළඳ නාම (google ද ඇතුළුව) ස්වාධීන සමාගම් ලෙස ඉතා හොඳින්  ක්‍රියාත්මක වන බැවින් Alphabet  සහ Google සමාගම් වලට ප්‍රධාන විධායක නිලධාරීන් (CEO) දෙදෙනෙකු සහ සභාපතිවරයෙකු(President) අවශ්‍ය නොවන බව ඔවුන් පවසන ලදී.Sundar Pichai ගේ පුළුල් අත්දැකීම් සහ "Alphabet ව්‍යුහයේ වටිනාකම පිළිබඳ ඔහුගේ විශ්වාසය" යන දෙකම ලබා දුන් තාර්කික තේරීමක් ලෙස ඔවුහු පෙන්වා දුන්හ.

Alphabet සමාගම search, cloud services, Android සහ Chrome,මත දැඩි ලෙස රඳා පවතිනු ඇත.ඒ අතරම Loon සහ Waymo වැනි වික්‍රමාන්විත උත්සාහයන් සමඟ අත්වැල් බැඳගනී.
මෙම ප්‍රතිව්‍යුහගතකරණය යනු කුමක්ද යන්න මේ මොහොතේ පැහැදිලි නැත. දැන් සෑම දෙයක්ම භාරව සිටින Sundar Pichai සමඟ ගූගල් සහ එහි සහෝදර සමාගම් වඩාත් විධිමත් වනු ඇතැයි සිතිය හැක.
කෙසේ වෙතත්, බිග් ටෙක් බිඳ දැමීමේ අදහස (notion of breaking up Big Tech) උණුසුම් මාතෘකාවක් වන ලෝකයක, Alphabet වැනි දැවැන්ත සමාගමක නායකත්වය තහවුරු කිරීම මතභේදාත්මක පියවරක් ලෙස දැකිය හැකිය.

Comments