Featured Post

How to create Bootable USB Using Ventoy

Google Mobile Services සමග Huawei Mobile Services වැඩ කරයි.

Huawei Mobile Services (HMS) can work alongside Google Mobile Services (GMS)
Google Mobile Services සමග Huawei Mobile Services වැඩ කරයි.


Google ජංගම සේවා(GMS ) භාවිතය ප්‍රතිස්ථාපනය කිරීම අරමුණු කරගත් Huawei ජංගම සේවා (HMS) සහ HMS Core Apps  පරීක්ෂා කිරීම දැන් ආරම්භ කර ඇත. මේ අතර, HMS  සහ GMS  යන දෙකටම එක එකට(side by side) වැඩ කළ හැකි බව හෙළි කරමින් මේ සම්බන්ධයෙන් අපට නව ප්‍රවෘත්ති ලැබී තිබේ.
Mate 30 series, Nova 6 series සහ Honor V30 series වැනි විවෘත කේත සහිත ඇන්ඩ්‍රොයිඩ් (open-source Android) ධාවනය වන ස්මාර්ට් ෆෝන් වල පමණක් නොව ගූගල් සේවා සහතික (GMS)කර ඇති පැරණි Huawei හෝ Honor උපාංගවලද HMS කට්ටලය ස්ථාපනය කළ හැකි බව අද huaweicentral web අඩවියට තොරතුරු සපයන්නෙක්  දන්වා ඇත.
එක්සත් ජනපද වෙළඳ තහනමෙන් පසුව, ගූගල් ජංගම සේවා සමඟ නව ස්මාර්ට්ෆෝන් සහතික කිරීම Huawei සමාගමට තහනම් කර ඇති අතර, පසුව සමාගම HMS සමඟ Huawei Mate 30 මාලාව නිවේදනය කළේය.
ඉහත  දැක්වෙන්නේ Huawei Mate 30 Pro (වමේ) සහ Honor V10 (දකුණේ) මත ස්ථාපනය කර ඇති Huawei ජංගම සේවා. මෙම ස්මාර්ට්ෆෝන් දෙකම EMUI 10 ධාවනය වන දුරකථන වේ
HMS යනු Huawei විසින් එහි උපාංග පරිසර පද්ධතිය (ecosystem) සඳහා සංවර්ධනය කරන ලද App සහ සේවාවන් සමූහයකි, එවැනි සේවාවන් අතරට Huawei ID (Account), Payment services, Message Notification, Virtual Wallet, Security Verification සහ තවත් දේ ඇතුළත් වේ.
අනෙක් අතට, HMS මූලික පරීක්ෂණ පැකේජයේ (HMS Core test package) Game, User Data Authentication, In-app purchases, Identity verification, Scan සහ  Machine Learning ඇතුළු මූලික සේවා යෙදුම් 6 ක් අඩංගු වේ.

Comments