Featured Post

How to create Bootable USB Using Ventoy

How to Create Bootable USB Drive (Windows) Using PowerISO (sinhala)

How to Create Bootable USB Drive (Windows) Using PowerISO
PowerISO වලින් Bootable USB Drive එකක් හදාගන්නේ කොහොමද ?


අපි බලමු PowerISO වලින් Bootable Windows 10 USB එකක් හදාගන්නේ කොහොමද කියල මොකද අද වනවිට DVD Drive එකක් හොයාගන්නත් අමාරුයි නේ.ඔන්න එහෙනම්  වැඩේ  පටන් ගමු.මේකට අවශ්‍ය කරන දේවල් ටික මුලින්ම හොයාගන්න ඕනි.(මේක windows 10 වලට විතරක් නෙමේ  Windows Vista,Windows 7, Windows 8,Windows 8.1 හැම එකටම හරියනව)
1.8GB හෝ වැඩි USB Pen Drive එකක් 
2.Windows 10 Bootable ISO File එකක් 
3.Power ISO  Software එක 
දැනටමත් windows තියෙන Laptop එකක් හරි PC එකක් හරි කොහොමත් තියෙන්න ඕනි කියල දන්නවනේ.දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියල. 

1.මුලින්ම Power ISO Install කරගන්න.


ඔබට x32 හෝ x64 ඔබගේ OS එක අනුව තෝරාගෙන Install කරගන්න.

2.Windows 10 Bootable ISO File එක Download කරගන්න

ඔබ ළඟ ISO File එක (Windows 10,Windows Vista,Windows 7, Windows 8,Windows 8.1) තිබේනම් මෙම පියවර අවශ්‍ය නැත.
Windows 10 Bootable ISO File එකක් Download කරගන්න ක්‍රම කිහිපයක් ඇත.ඔබට Windows 10 Original එකක් (Clean ISO File ) අවශ්‍ය නම් Microsoft Web Site එකෙන් Download කර ගැනීමට හැකිය.කිසිම ප්‍රශ්ණයක් නැතිව download කරලා install කරන්න පුළුවන්.




එය ඉහත  Link එකෙන්  ගොස් Download කරගන්න (මෙම link එකෙන් ගියවිට 19MB විතර exe file එකක් download වෙනවා එක run කරලා තමයි windows  10 download  කරගන්න පුළුවන් එකේ සම්පුර්ණ විස්තරය මෙතනින් ගොස් බලන්න එම web  page  එකෙහි "Using the tool to create installation media (USB flash drive, DVD, or ISO file) to install Windows 10 on a different PC (click to show more or less information)"එකට යන්න  )
එසේ නොමැති නම් crack කරපු ISO file  එකක් Torrent වලින්  Download කරගන්න.


(මතකතියා ගන්න Original ද Crack කරලද කියල තීරණය වෙන්නේ ඔයා දෙන Product Key එක අනුව.අලුතින් එන Laptop  වල Windows 10 Pre Install කර ඇත්නම් බොහෝ විට ඔබට  ගැටළුවක් නැත.ඒවායේ Product Key එක BIOS වල තමා තියෙන්නේ.Internet connect වුණ ගමන් auto Product Key එක Install කරගන්නවා.නැත්නම් Original key  එකක් ඔයාට තියන්න ඕන.////එහෙමත් නැත්නම් ඉතින් Crack කරන්න තමා වෙන්නේ )

3.Pen Drive එක Laptop එකට හෝ PC සම්බන්ධ කරන්න.
4.Power ISO එක Administrator ලෙස open කර ගන්න (එසේ නැත්නම් පසුව ඔබගෙන් ඒ සඳහා අවසර ඉල්ලනු ඇත)

5.ඉන්පසු Menu එකෙහි "Tools > Create Bootable USB Drive" වෙත යන්න.



6.ඉන්පසු  "Create Bootable USB Drive" dialog box එක open වේවි.(Administrator ලෙස       open කර නැත්නම් තව message box එකක් open වේවි.එක OK කරන්න)


7.ඉන්පසු "Create Bootable USB Drive" dialog box එකේ “More” button එක click කර         ඔයාගේ windows ISO  Image එක select කර ok කරන්න.
8."Destination USB Drive" කියන තැනින්  ඔයාගේ Pen drive එක select කරන්න.
9.ඉන්පසු “setting” යටතේ writing method එක  "USB-HDD" ලෙස තෝරන්න.


10.ඉන්පසු "Start" button එක click කරන්න.(එවිට පහත ආකාරයේ message එකක්  ඒවි.ඒක ok කරන්න.



වැඩසටහන මඟින් USB drive එකෙහි ලිවීම සහ ප්‍රගති තොරතුරු පෙන්වීම ආරම්භ කරනු ඇත.සාර්ථකව වැඩේ වුණානම්  “Writing USB drive completed successfully." යන පණිවිඩය ඔබට ලැබිය යුතුය. 


එසේ  පණිවිඩය ලැබුණි නම් වැඩේ සාර්ථකයි.දැන් ඔබට පුළුවන් USB එකෙන් Boot කර Windows Install කරන්න.




Comments