Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei සහ Samsung සමාගම් අතර තරඟය වඩා තියුණු වේ.

Gap between Huawei and Samsung narrows for top phone maker
Huawei සහ Samsung සමාගම් අතර තරඟය වඩා තියුණු වේ.

පසුගිය වසර පහ තුළ Huawei සමාගම බොහෝ දුරක් පැමිණ තිබේ. 2015 දී එය 5.5% ක වෙළඳපල කොටසක් සහිතව ස්මාර්ට්ෆෝන් මිලියන 104 කට අධික ප්‍රමාණයක් අළෙවි කිරීමට සමත් වූ අතර ලොව පුරා අංක 3 වන ස්ථානයට පත්විය. ඉන්පසුව, 2016 දී, Huawei සමාගම 2021 වන විට ලෝක වෙළඳපල අංක 1 ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා බවට පත්වීමේ ඔවුන්ගේ ඉලක්කයක් ප්‍රකාශයට පත් කළේය. උපාය මාර්ග විශ්ලේෂණවල නවතම වාර්තාව පෙන්නුම් කරන්නේ Huawei සමාගමට එම ඉලක්කයට පැමිණිය හැකි බවයි.
Korea Herald හි නවතම වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ මෙම වසර අවසන් වන විට 17.7% ක වෙළඳපළ කොටස් ප්‍රමාණයක් Huawei සමාගම හිමි කරගන්නා බවයි.එම ඇස්තමේන්තුගත වෙළඳපල කොටස ස්මාර්ට්ෆෝන් මිලියන 251 ක් සමඟින් Huawei දෙවන ස්ථානයට පත්වන බව පවසයි.එය Samsung සමාගම  ඇස්තමේන්තු කල  මිලියන 323 ක එනම්  21.3% ක කොටස් වලට වඩා සියයට 3.6 ක් පමණ අඩුවකි.
සංසන්දනාත්මකව බලන කල, Huawei සමාගම 2018 දී 14.4% ක වෙළඳපොළක් හිමි කර ගත්  අතර Samsung සමාගම  20.3 % ක් හිමි කර ගත්තේය. එය Huawei සමාගමට වැඩ සියයට 5.6 ක් ඉදිරියෙන්  සිටීමකි.Samsung සමාගම වසරකට වැඩි උපාංග ප්‍රමාණයක්  අලෙවිය දිගටම කරගෙන ගියද, Huawei සමාගම  Samsung අභිබවා යාමට ආසන්නව සිටී.
එක්සත් ජනපද රජය විසින් Huawei තහනම් කිරීමත් සමඟ Huawei සමාගමේ වර්ධනයට දැඩි පහරක් එල්ල විය.එයින් Huawei සමාගමේ වර්ධනය වීම අධෛර්යමත් කිරීමට නොහැකි වූ අතර චීනයේ ඉතා ශක්තිමත් විකුණුම් සහිතව නවතම Huawei හි ප්‍රමුඛයා වන Mate 30 Pro දියත් කිරීමත් සමඟ වර්ධනය විය.එක්සත් ජනපද තහනම තවමත් බලපැවැත්වෙන අතර Google Services නොමැතිව Mate 30 Pro බටහිර වෙලඳපොලවල අලෙවියට දැඩි බාධාවක් එල්ලවී ඇත.විශේෂයෙන් යුරෝපයේ.
Apple සමාගම අංක 3 ස්ථානයේ රැඳී සිටින අතර වසර අවසානයේදී ඒකක මිලියන 193 ක් ලබා දීමට අපේක්ෂා කරන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි. මේ අතර, මෙම සතිය මුලදී වාර්තා වූ පරිදි, wearable කාණ්ඩයේ Apple සමාගම ප්‍රමුඛයා වේ. 



Comments