Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei Nova වෙනම වෙළඳ නාමයක් බවට පත්වෙයි.

Huawei NovaBuds Could be Coming Soon
Huawei NovaBuds ළඟදීම නිකුත් කිරීමට සැලසුම් 

Huawei සමාගම දෙසැම්බර් 24 වන දින යුරෝපීය සංගමයේ බුද්ධිමය දේපල කාර්යාලයෙන්   (EUIPO) ,Huawei Novabuds සඳහා පේටන්ට් බලපත්‍රයක් ඉල්ලුම් කර ඇත.මෙයින් ඇඟවෙන්නේ සමාගම විසින් NOVA  සන්නාමය යටතේ wireless earbuds හඳුන්වා දීමට හැකි බවයි.Huawei සමාගම චීනයේ FreeBuds ,wireless earbudsඅලෙවි කරයි.කෙසේ වෙතත්, NOVA  සන්නාමය ලාභදායී earbuds වෙළඳාමක් වියහැකි බව පෙනේ. එපමණක් නොව, චීන තොරතුරු සපයන්නෙක් කියා සිටියේ ස්වාධීන වෙළඳ නාමයක් බවට පත්වීම සඳහා NOVA නාමය Huawei වෙතින් ඉවතට යන බවයි. අලුතෙන් හඳුනාගත් Novabuds නුදුරු අනාගතයේ දී NOVA සන්නාමය සමඟ විකිණීමට අපේක්ෂා කරන තවත් බොහෝ නිෂ්පාදන වලින් එකක් විය හැකිය.
තොරතුරු සපයන්නාට  අනුව, NOVA  සන්නාමය ස්මාර්ට්ෆෝන් හැරුණු විට smartwatch සහ  wireless headphones වැනි උපාංග ඉක්මනින් අලෙවි කරනු ඇත. EUIPO හි දැකගැනීමට ඇති NovaBuds, 9 වන පන්තියේ උපාංගයක් වන අතර එයට headphones, earphones, headset for virtual reality games, headphones for mobile phones, in-ear headphones සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ.
චීන සමාගම් ඔවුන්ගේ උප වෙළඳ  නාමයන් හඳුන්වාදීමේ ප්‍රවනතාවයක් ඇත. වසර මුලදී, Xiaomi විසින් වෙනම වෙළඳ නාමයක් ලෙස Redmi හඳුන්වා දෙන ලදී.දැන් Realme සන්නාමය OPPO වෙතින් වෙන්වී ඇත. Vivo සතුව Games  දුරකථන විකිණීම සඳහා විශේෂිත iQOO සන්නාමයක් ඇත. Huawei හි දැනටමත් අන්තර්ජාල වෙළඳපොළට සරිලන Honor උප වෙළඳ නාමයක් ඇත. මේ අතරට Huawei NOVA සන්නාමය ස්ථානගත කරන්නේ කෙසේද යන්න අප බලා සිටිමු.මට සිතෙන ආකාරයට Huawei NOVA නාමය ඉද්රියේදී බොහෝදුරට සාර්ථක වෙළඳ නාමයක් බවට පත්වේවි .මේ පිළිබඳව ඔබගේ අදහස් අපට දන්වන්න.



Comments