Featured Post

How to create Bootable USB Using Ventoy

Oppo Reno 3 Pro 5G දුරකථනයෙහි අලුත්ම විස්තර

OPPO RENO 3 PRO MAJOR SPECIFICATIONS LEAK ONLINE
Oppo Reno 3 Pro 5G දුරකථනයෙහි අලුත්ම විස්තර 

2020 වර්ෂය 5G තාක්ෂණය මුල්කරගෙන ආරම්භය වන වර්ෂයක් ලෙස හැදින්විය හැකි අතර විවිධ සමාගම් වලින් 5G ස්මාර්ට්ෆෝන් විශාල ප්‍රමාණයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.Redmi සහ Oppo වැනි සමහර සමාගම් ඔවුන්ගේ නව ද්විත්ව මාදිලියේ 5G  දුරකථන හඳුන්වා දීමට ලබන වසර තෙක් බලා සිටීමට පවා කැමති නැත.

එබැවින්, Oppo විසින් 2019 අවසානය වන විට දියත් කිරීමට අපේක්ෂා කරන Reno 3 Pro 5G පිළිබඳ  ඉඟි   පල  කර ඇත.Oppo විසින්  දැනටමත් එහි සැලසුම සහ බැටරි ධාරිතාව මෙන්ම ඝණකම වැනි පිරිවිතරයන් සනාථ කර තිබේ.නමුත් දැන්,  Weibo හි ඩිජිටල් චැට් ස්ටේෂන් අනුග්‍රහයෙන් දුරකථනයේ සම්පූර්ණ පිරිවිතරයන් කාන්දු වී ඇත.
ආරංචි මාර්ග වලට අනුව, Reno 3 Pro 5G  Qualcomm Snapdragon 765G chipset එකෙන් බලගැන්වෙන අතර එය Redmi K30 5G විසින් ද එම chipset එක භාවිතා කරනු ඇත.සමාගමේ උප සභාපති Brian Shen  විසින් පළ කරන ලද ඉඟි වල දැක්වෙන පරිදි අඟල් 6.5 ක curved OLED display එකක්  දුරකථනයට ඇත. මීට අමතරව, තිරය 90Hz refresh අනුපාතයකින් යුක්ත වන අතර එය මේ වසර මුලදී OnePlus ජනප්‍රිය කිරීමෙන් පසුව එය කවුරුත් ආදරය අංගයක් බවට පත්ව ඇත.
Digital chat station එකෙහි ඇති කරුණුවලට අනුව 48MP ප්‍රධාන කැමරාවක්, 8MP telephoto කැමරාවක්, 13MP ultra-wide කැමරාවක්, සහ 2MP නොදන්නා කැමරාවක් ඇතුළත් වන(නොදන්නා එක depth හෝ macro ද යන්න පැහැදිලි නැත). quad-camera සැකසුමක් මෙම දුරකථනයේ ඇතුළත් වේ. අවසාන වශයෙන්, දුරකථනය 30W වේගවත් ආරෝපණයට (30W fast charging) සහාය වනු ඇත, බොහෝ විට සමාගමේ නව VOOC 4.0 ෆ්ලෑෂ් ආරෝපණ තාක්ෂණය(VOOC 4.0 Flash charge technology)මෙයට ඇතුලත් විය හැකිය.
තවද, Oppo Reno 3 Pro 5G යනු සිහින්ම (මි.මී. 7.7 mm ඝණකම) ද්විත්ව මාදිලියේ 5G ස්මාර්ට් ජංගම දුරකථනය වන අතර එයට හොඳ 4,025mAh බැටරියක් වේ. දුරකථනය දෙසැම්බර් මස අවසානයට පෙර එළිදක්වනු ඇතැයි අපේක්ෂා කළද සමාගම තවමත් දියත් කිරීමේ දිනය ප්‍රකාශයට පත් කර නොමැත. 

Comments