Featured Post

How to create Bootable USB Using Ventoy

REDMI K30 දුරකථන මාලාව Hi-Res Audio “small gold standard” සහතිකය සමත් වෙයි.

REDMI K30 SERIES GETS HI-RES CERTIFICATION
REDMI K30  දුරකථන මාලාව  Hi-Res Audio “small gold standard” සහතිකය සමත් වෙයි.

Redmi K30 දුරකථන මාලාව දෙසැම්බර් 10 වන දින නිකුත් කිරීමට නියමිත අතර එයට දැන් ඇත්තේ පැය කිහිපයක් පමණි.කෙසේ වෙතත්, මෙම ස්මාර්ට්ෆෝන් මාලාව තවමත් විවිධ  සහතික ලබා ගනිමින් සිටී. අද පස්වරුවේ සමාගම නිවේදනය කළේ Redmi K30 දුරකථන මාලාව Hi-Res Audio “small gold standard” සහතිකය සමත් වී ඇති බවයි.
සහතික කිරීමේ ලේඛනයට අනුව, එය විශිෂ්ට ශ්‍රව්‍ය විභේදනයක් ඇති අතර sound output එක  CD  ගුණාත්මකභාවය(quality) හා සමාන බවයි.මේ නිසා පරිශීලකයින්ට ගීත ඇසීමේදී සහ game play කිරීමේදී ඉතා හොඳ තත්වයේ ශ්‍රව්‍ය අත්දැකීමක් ලබාදෙයි.
Xiaomi VP සහ Redmi සන්නාමයේ සාමාන්‍යාධිකාරී Lu Weibing ට අනුව, Redmi K30 විසින් Quapcomm Snapdragon 765G SoC භාවිතා කරනු ඇති අතර එය Snapdragon X52 5G මොඩමයක් සමග ඒකාබද්ධ කර ඇත.Redmi K30 SA/NSA ද්විත්ව මාදිලියේ 5G  ජාලයට සහය දක්වන අතර downlink උපරිම අගය 3.7Gbps වේ.ඒ අතරම, එය පස්වන පරම්පරාවේ Quapcomm AIE කෘතිම බුද්ධි engine එක භාවිතා කරයි. මෙම engine එකට ඉහළම 5 AI computing බලයක් ඇත.මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ ඇති අනෙක් අංග අතර side fingerprint sensor, dual punch-hole front camera සහ 12 antenna සැලැස්මක්ඇතුළත් වේ.
Redmi K30 5G  දුරකථනය 4500mAh බැටරියක් සහිත 30W වේගවත් ආරෝපණයක් සඳහා සහය දක්වයි.කැමරාව සම්බන්ධයෙන් ගත් කල, Redmi K30 ශ්‍රේණියේ ජංගම දුරකථනය මෙගාපික්සල් 64 ක පසුපස ක්වාඩ් කැමරා සැකසුමක් භාවිතා කරයි.
අවසාන වශයෙන්, Redmi K30 ජංගම දුරකථන මාලාව Redmi Xiaoai Speaker Play, Redmi router AC2100 සහ RedmiBook full-screen notebook වැනි නිෂ්පාදන සමඟින් දෙසැම්බර් 10 වන දින නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය.

Comments