Featured Post

How to create Bootable USB Using Ventoy

Xiaomi Mi 10 සහ Meizu 17 Snapdragon 865 සමග නිකුත් කරන බව තහවුරු කරයි.

Xiaomi Mi 10 and Meizu 17 to have Snapdragon 865 and 5G

Xiaomi Mi 10 සහ  Meizu 17 Snapdragon 865 සමග නිකුත් කරන බව තහවුරු කරයි.

Qualcomm සිය වාර්ෂික සමුළුවේ දී Snapdragon 865 chipset නිවේදනය කරන ලදී.මේ අතර ප්‍රධාන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින් Snapdragon 865 chipset එක සහිත දුරකථනයක් ඉක්මනින්ම දියත් කරන බව නිවේදනය කළහ.Verizon, Motorola, Xiaomi, Oppo සමාගම් වල  ජ්‍යෙෂ්ඨ විධායකයින් පැවසුවේ නව SoC සමඟ ස්මාර්ට්ෆෝන් ඉතා ඉක්මණින් නිකුත් කළ යුතු බවයි.මේ අතර, HMD Global  හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරි uho Sarvikas විසින් Qualcomm හි නව නිෂ්පාදන සඳහා යහපත් ප්‍රතිචාර දැක්වූ නමුත් 865 chipset එක ගැන සඳහන් නොකර, එහි 5G හැකියාවන් සහිත Snapdragon 765 ගැන පමණක් අවධානය යොමු කරන ලදී.

මෙහිදී සමහර සමාගම් 865 සමග දුරකථන නිකුත් කිරීම සනාථ කළ අතර තවත් සමහරු ඒවා භාවිතා කරන විශේෂිත දුරකථන ද නිවේදනය කළහ.ඒඅතර Bin Lin විසින් Xiaomi Mi 10 SD865 සහිත පළමු දුරකථන වලින් එකක් වනු ඇති බව තහවුරු කළේය.ඊට අමතරව Meizu හි නිල Weibo ගිණුමෙහිද 2020 වසන්තයේ දී Snapdragon 865 chipset එකක් සහිතව Meizu 17 නිකුත් කරන බව තහවුරු කළේය.

Snapdragon 865 chipset එක  SA සහ  NSA ජාල දෙකටම සහය වන අතර වේගවත් download සහ upload කිරීමේ වේගයන් සඳහා සහාය දක්වන උසස් 5G  මොඩමයක් වන Snapdragon X 55 සමඟ පැමිණේ.Qualcomm  සමුළුවේ වෙනම ප්‍රධාන දේශනයකදී chipset එකෙහි සම්පූර්ණ විස්තර ඊළඟ දින හෝ දෙකේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. 

Comments