Featured Post

How to create Bootable USB Using Ventoy

About Windows BitLocker

 About Windows BitLocker 
BitLocker ගැන දැනගන්න 


මුලින්ම බලමු අපේ computer එකේ BitLocker On වෙලාද Off වෙලාද කියල.

01.Control Panel ---> All Control Panel Items ---> BitLocker Drive Encryption
ඉහත සඳහන් path එකට යන්න.එතකොට  BitLocker on නම් පහත ආකාරයට පෙන්නුම් කරයි.


02.දැන් බලමු command prompt (CMD) වලින් කොහොමද BitLocker On ද Off ද කියල හොයාගන්නේ 
command prompt එක Administrator විදිහට open කරගන්න.ඉන්පසු මෙම command එක run කරන්න 
manage-bde -status
එවිට පහත ආකාරයට පෙන්නුම් කරයි .


ඔබට අවශ්‍ය drive එකක පමණක් status බලා ගැනීමට නම් පහත command එක run කරන්න 
command manage-bde -status E: 
මෙතන E කියන්න ඔබට අවශ්‍ය Drive එකේ letter එක.මේ command  එක run කලවිට පහත ආකාරයට පෙන්නුම් කරයි.


හරි දැන් බලමු BitLocker On කරගන්නේ කොහොමද කියලා.

Control Panel ---> All Control Panel Items ---> BitLocker Drive Encryption 
ඉහත path එකට යන්න.නැත්නම් search bar එකේ BitLocker ලෙස type කරන්න එවිට ලැබෙන result එකේ Manage BitLocker click කරන්න.


Manage BitLocker click කල විට කලින් සඳහන් කල control panel එකේ path එකටම ඔබව යොමු වේවි.


ඔබට අවශ්‍ය drive එක තෝරා Turn on BitLocker උඩ click කරන්න.එවිට පහත ආකාරයේ window එකක් open වේවි.


ඉහත window එක ඉතා වැදගත්.අනිවාර්යයෙන් ඔබ මෙතන තියෙන option 3නම හරි තුනෙන් එකක් හරි භාවිතා කර BitLocker key එක backup කරගන්න.මෙය ඉතා වැදගත්.recovery key එකක් නැතුව ඔබට encrypt කරන drive එක access කරන්න නම් ලැබෙන්නේ නැහැ.හිත හදාගෙන format කරන්න තමයි වෙන්නේ.key එක save කරගෙන next click කරන්න එවිට පහත ආකාරයේ window  එකක් ලැබේවි.


එතන option දෙකක් තියෙනවා.
1.used කරපු disk space එක විතරක් Encrypt කරන්න 
2.මුළු disk එකම Encrypt කරන්න
ඔබට අවශ්‍ය එක තෝරා next click කරන්න.එවිට පහත ආකාරයේ window  එකක් ලැබේවි.



මෙම window  එකේ Run BitLocker system check කියන තැන tick එක දාන්න අමතක කරන්න එපා.ඉන්පසු Continue button එක press කරන්න.ඊට පස්සේ computer එක restart කල යුතුය.computer  එක restart කල පසු encrypt process එක ආරම්භ වේවි. 
නැවත Manage BitLocker එක open කල විට පහත ලෙස ඔබට බලාගන්න පුළුවන් වේවි .


Encrypt වෙන්න ටිකක් වෙලා යනවා.එක හින්ද එක වෙන්න දීලා ඔයා වෙන වැඩක් කරගන්න.
ඊළග ලිපියෙන් BitLocker Encryption recovery key  store කරගන්නා ආකාරය ගැන බලමු 














Comments