Featured Post

How to create Bootable USB Using Ventoy

What is ARM : ARM යනු කුමක්ද?

ARM ප්‍රොසෙසරයක් යනු Advanced RISC Machines (ARM) සමාගම විසින් වැඩි දියුණු කරන ලද RISC (reduced instruction set computer - අඩු උපදෙස් කට්ටල පරිගණක) architecture මත පදනම්ව වූ CPU (Central Processing Unit) වර්ගයකි.ARM 32-bit හා 64-bit RISC multi-core processors නිපදවනු ලබයි.මෙම ARM ප්‍රොසෙසර Intel ප්‍රොසෙසර වලට වඩා බල ශක්ති කාර්යක්ෂමතාව අතින් ඉදිරියෙන් සිටී.මෙම ARM ප්‍රොසෙසර වල උපදෙස් ලබාදෙන ආකාරය Intel ප්‍රොසෙසර වල උපදෙස් ලබාදෙන ආකාරයට වඩා වෙනස්ය.Intel ප්‍රොසෙසර වල උපදෙස් ලබාදෙනුයේ CISC (complex instruction set computer -  සංකීර්ණ උපදෙස් කට්ටල) මත පදනම්වයි.ARM ප්‍රොසෙසර වල උපදෙස් ලබාදෙනුයේ CPU එකට කළ හැකි තනි මෙහෙයුමකට පරිවර්තනය කර ලබා දීමයි.RISC එසේත් නැතිනම් ARM ප්‍රොසෙසර නිර්මාණය කර ඇත්තේ උපදෙස් කුඩා සංඛ්‍යාවක් සිදු කිරීමට වන අතර එමඟින් වැඩි වේගයකින් ක්‍රියාත්මක විය හැකි අතර තත්පරයට මිලියන ගණනක් උපදෙස් (MIPS) සිදු කරයි.ARM ප්‍රොසෙසර වල බල ශක්ති කාර්යක්ෂමතාව වඩා හොඳ වන්නේ මේනිසාය.ARM ප්‍රොසෙසර වල උපදෙස් කුඩා සංඛ්‍යාවක් සිදු කරන බැවින් අවශ්‍ය transistors ප්‍රමාණය අඩුය.එමනිසා IC සඳහා අඩු ඉඩ ප්‍රමාණයක් වැයවේ.එබැවින්  ARM ප්‍රොසෙසරයේ ප්‍රමාණය කුඩාය,සංකීර්ණත්වය අඩු ය,බලශක්ති පරිභෝජනයද අඩුය. මේ හේතු නිසා පෙනී යන්නනේ Intel desktops and servers වල ඉදිරියෙන් සිටියත් ARM smartphones, tablets හා multimedia players කර්මාන්තයේ දී ඉදිරියෙන් සිටින බවයි .

ARM සමාගමේ අවරසය(licence) මත  ප්‍රොසෙසර නිපදවන සමාගම් විශාල සංඛ්‍යාවක් ලොව පුරා ඇත.
Qualcomm - Snapdragon

Samsung   - Exynos

Huawei hisilicon   - Kirin   

Apple        - Bionic

MediaTek Inc  - Helio

Nvidia - Tegra

ඒ අතර ප්‍රධාන තැනක් ගනී.2017 වසරේ ලෝකයේ chipset වෙළඳපල පහත දැක්වෙන අයුරු බෙදී ගොස් තිබුණි.

GSMGeek 2019/10/27

Comments