Featured Post

How to create Bootable USB Using Ventoy

Samsung details new One UI 2 features | Samsung සමාගම One UI 2 හි විස්තර ප්‍රසිද්ධ කරයි.

Samsung details new One UI 2 features

Samsung සමාගම මේවනවිට ඔවුන්ගේ Developer Conference එකක් California වල San Jose හිදී පවත් වමින් සිටියි.මෙහිදී Samsung සමාගම තමන්ගේ අනාගත දැක්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇත.One UI 2 එහි ප්‍රධාන අංගයක් බවට පත්වී ඇත.තවද Samsung සමාගම මෙය අවස්ථාවක් කරගෙන තියෙනවා ඔවුන්ගේ අනාගත mobile devices සඳහා පැමිණෙන නව විශේෂාංග ගැන කතා කිරීමට. තවද UX design එක  වැඩි දියුණු කිරීමෙන් wearables සහ foldables තවත් දියුණු කිරීම ගැනද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

One UI 2 හි එක් ප්‍රධාන අරමුණක් වන්නේ notification pop-up සහ UI එකෙහි අංගයන් වන volume HUD වැනි අංග අඩු කිරීමෙන් user interface එක වඩාත් සරල කිරීමයි.Samsung සමාගම විසින් ජංගම දුරකථනය එක් අතකින් භාවිතා කිරීමේ පහසුකම තවදුරත් දියුණු කර ඇත.නිතරම අවශ්‍ය වන apps තිරයේ පහල කොටස තුල අන්තර්ගත කිරීමෙන් එය සිදුකර ඇත.මෙය තිරයේ පහල ඇති apps ඇති folder ය වෙතද ගෙන ගොස් ඇත.

Dark mode එකද වැඩිදියුණු කර ඇති අතර පෙරට වඩා වැඩි apps ගණනකට සහ වැඩි UX element ගණනකට දැන් සහය දක්වයි.භාවිතා කරන්නාගේ අවශ්‍ය තාවය මත  වෙනස් කිරීමට හැකිවන පරිදි ශ්‍රවණ සහ දෘශ්‍ය දේවල් වැඩි දියුණු කිරීමට Samsung සමාගම ක්‍රියා කර ඇත.තවද වඩාත් අර්ථ දක්වා ඇති අකුරු සහ වර්ණ සංයෝජන සහිත වෙනස් keyboard එකක්ද හඳුන්වාදී ඇත.contacts සහ messages වැනි සමහර ඔවුන්ගේ pre-install කර ඇති apps සඳහා වඩා දීප්තිමත් වර්ණ ලබා දී ඇති බැවින් ඒවා පහසුවෙන් හඳුනා ගතහැක.

තවද ශ්‍රව්‍ය පැත්තෙන් ගතකල surrounding ambient sound වැඩිදියුණු කිරීමට අවස්ථාවක් දැන් ඇත.මීට අමතරව screen time management සහ focus mode මගින් ඩිජිටල් යහපැවැත්ම(Digital wellbeing) නැවත සකස් කරඇත.

දැනටමත් Beta  version එක භාවිතා කරන්නන් මෙම අලුත් දේවල් භුක්ති විඳින අතර One UI 2 හි ස්ථාවර අනුවාදය (stable version) වසර අවසානයට පෙර එළියට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

GSMGeek 2019/10/31

පෙර පල වූ post එකට - click  here 

Comments

Post a Comment