Featured Post

How to create Bootable USB Using Ventoy

New Windows 10X : Windows 10X වල අළුතින්ම එළියට ආපු දේවල්


Microsoft සමාගමේ අභ්‍යන්තර ලියකියවිලි මගින් Microsoft Windows 10X මෙහෙයුම් පද්ධතියෙහි නවතම තොරතුරු අනාවරණය වී ඇත.මෙහිදී ඔබට Windows 10X හි user experience එකෙහි වෙනස් වීම් හා OS  එකෙහි නවතම වැඩි දියුණු කිරීම් පිළිබඳව දැක ගත හැකිය.මෙම Windows 10X, foldables වලට අමතරව Laptop පරිගණක වලට ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර කර ඇත.මෙම අනාවරණය මගින් Start menu එකෙහි නම වෙනස් කර ඇති අතර එය Windows 10X වලදී Launcher ලෙස Microsoft සමාගම හදුන්වයි.මෙය Android  වල භාවිතා වන නමට සමාන නමකි.මෙම Start menu එකට local apps සහ  web apps  යන දෙකම අන්තර්ගත කර ඇත.


තවද  නව Action Center එකක් හා  Quick Actions අංගයක් නිර්මාණය කර ඇත.දෘශ්‍යමය වශයෙන් notification,quick actions එකෙන් වෙන්කර ඇත.කෙසේ වුවත් ඒවා තවමත් taskbar එකෙහි එකම ස්ථානය භාවිතා කරයි.taskbar එක user ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි වන අතර එසේත් නැතිනම් දැනට windows 10 හි පවතින ආකාරයටම තබා ගත හැකිය.

මෙම අභ්‍යන්තර ලියකියවිලි මගින් Microsoft සමාගම විසින්  Windows 10X සමග ලබාදීමට අපේක්ෂා කරන Apps ලැයිස්තුවක්ද ප්‍රකාශයට පත්කර ඇත.එම ලැයිස්තුවෙහි අඩංගු වන්නේ අප නිතර භාවිතා කරන Apps වේ.
එම Apps  පහත පරිදි වේ.

Alarms & Clock
Calculator
Calendar
Camera
Excel
Feedback Hub
Groove Music
Mail
Media Plans
Messaging
Microsoft Edge
Microsoft Store
Microsoft Teams
Microsoft To Do
Microsoft Whiteboard
Movies & TV
Netflix
Notepad
OneNote
Paint
People
Photos
PowerPoint
Snip & Sketch
Solitaire
Spotify
Sticky Notes
UWP File Explorer
Voice Recorder
Word
Weather

Phone හා Skype වැනි Apps තවමත් මෙම ලැයිස්තුවට අන්තර්ගත වී නොමැති අතර මෙම ලැයිස්තුව අවසන්  ලැයිස්තුව Apps ලැයිස්තුව නොවිය හැකිය.තවද MS Office වලට අයත් Word හා PowerPoint  UWP (Universal Windows Platforms) ලෙස තිබුනත් ඒවා PWA (Progressive Web App) ලෙස Windows 10X සමඟ පැමිණෙනු ඇති බවයි.Windows 10X වල ආවේනික ලක්ෂණයක් වනු ඇත.පරිශීලකයින්ට MS Office Win32 version අවශ්‍ය නම් Download කර Install කරගත හැකිය.

අභ්‍යන්තර ලියකියවිලි මගින් new modern File Explorer එක ගැන කෙටි සඳහනක් කරයි.එය Windows Core OS devices සමඟ කලක සිට ක්‍රියාත්මක වන ආකාරයේ එකකි.new File Explorer හි කිසිඳු පිංතූරයක් මාධ්‍යට හෙළිවී නොමැත.Microsoft සමාගමද මෙම ලේඛනය තහවුරු කල පළමු අවස්ථාවද මෙයයි.මෙහිදී  login UI එකෙහි සුළු වෙනස් වීමක් පිළිබඳවද සඳහන් කර ඇත.

සමස්තයක් ලෙස, මෙම තොරතුරු  වඩාත් අළුත් දේ හෙළි නොකරන නමුත්  Microsoft සමාගම Windows 10X වෙළඳපලට නිකුත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා ගත හැකිය.වෙළඳපලට නිකුත් කිරීමේදී එය foldable වළට පමණක් උවද  පසුව Windows 10X,  සාමාන්‍ය Laptops and Tablets වලටද ලබාදීමට අපේක්ෂා කරයි.

GSMGeek 2019/10/28

Comments