Featured Post

How to create Bootable USB Using Ventoy

The new Motorola Razr is here with a 6.2" Flex View foldable screen | නම්‍යශීලී අඟල් 6.2 ක තිරයක් සමග Motorola Razr 2019

The new Motorola Razr is here with a 6.2" Flex View foldable screen
නම්‍යශීලී අඟල් 6.2 ක තිරයක් සමග Motorola Razr 2019

--------------------------------------------------------------------------------
වසර 2004 දී Motorola සමාගම විසින් නිකුත් කල Razr V3 clamshell දුරකථනය ඔබට මතකද?දැන් ඇති නව තාක්ෂණයත් සමග  Motorola සමාගම මෙම Razr දුරකථනය නැවත ප්‍රති නිර්මාණය කර ඇත.නම්‍යශීලී අඟල් 6.2 ක තිරයක් සහිතව මෙම දුරකථනය දැන් හඳුන්වාදී ඇත.
මෙම Razr දුරකථනයෙහි Snapdragon 710 chipset එකකින් බලගැන්වී ඇති අතර 6GB RAM සහ 128GB storage එකක් ඇත.මෙම දුරකථනයෙහි ඇත්තේ camera දෙකක් පමණි.එකක් ෆ්ලිප් (flip) කොටසේ පිටත හා අනෙක් එක ඇතුළත notch එකෙහි අන්තර් ගත කර ඇත.
ප්‍රධාන camera ව 16 MP f / 1.7 සමඟ EIS, Dual Pixel AF, සහ Laser AF වේ.එය ද්විත්ව LED ෆ්ලෑෂ්  වලින් උක්ත වේ.selfie camera ව 5 MP f / 2.0  වන අතර ෆ්ලෑෂ්  එකක් නොමැත.එසේ වුවත් තිරය ඔබේ මුහුණ අඳුරේදී ආලෝකමත් කිරීමට භාවිතා කළ හැකිය.
මෙම දුරකථනයෙහි විශේෂයෙන්ම කතා කළයුතු දෙය වන්නේ නැමිය හැකි pOLED තිරයයි. එය 21: 9 අනුපාතයකින් සකස් කර ඇති අතර එහි අලෙවිකරණ නාමය වන්නේ Cinemavision ය.තවද මෙයට 2142 x 876 pixel විභේදනයක් ඇත.දුරකථනයෙහි පිටත 2.7 OLED පැනලයක් ඇති අතර එය පික්සල් 600 x 800 විභේදන සහිත තවත් ක්ෂණික දර්ශන තිරයකි.
මෙම ද්විතීයික තිරයෙහි ඇති විශේෂත්වය නම් ඇමතුම්(calls), සෙල්ෆි ගැනීම(taking selfie), මූලික සැකසුම් අක්‍රිය / සක්‍රිය කිරීම(turning some basic settings off/on) සහ ගූගල් සහායක සමඟ කතා කිරීම(talking to the Google Assistant) වැනි වැදගත් අංගයන් සඳහා දුරකථනය දිග හැරීමෙන් තොරව භාවිතා කල හැකි වීමයි.
මෙම Motorola  Razr දුරකථනයෙහි 2,510 mAh බැටරියක් ඇති අතර  මෙහෙයුම් පද්ධතිය Android Pie  වන අතර එය ඔබට අවශ්‍ය සියලුම ගූගල් සේවාවන් සමඟ පැමිණේ.Noir Black නැමති වර්ණයෙන් පමණක් මෙම දුරකථනය නිකුත් කිරීමට Motorola සමාගම බලාපොරොත්තු වේ.Motorola  Razr දුරකථනයෙහි මිල ඩොලර් 1,500 ක් පමණ වෙතැයි අපට සිතිය හැකිය.Motorola සමාගම තවමත් නිල වශයෙන් මිල තහවුරු කර නොමැති අතර නිකුත් කිරීමේ නිල දිනයක් ද මේවනවිට  ප්‍රකාශයට පත් කර නොමැත.


Comments