Featured Post

How to create Bootable USB Using Ventoy

Intel is still struggling with the truth about its processor security flaws | Intel සමාගම තවමත් ඔවුන්ගේ processor වල ආරක්ෂක අඩුපාඩු නිවැරදි කර නොමැතිද ?

Intel is still struggling with the truth about its processor security flaws

Intel සමාගම තවමත් ඔවුන්ගේ processor වල ආරක්ෂක අඩුපාඩු නිවැරදි කර නොමැතිද ?

Intel claimed issues were fixed, but they weren’t


මෙම වසර මුලදී Intel  සිය processor වල  නව ආරක්ෂක ගැටළු මාලාවක් හෙළි කර ගත්  අතර ඒවා විසඳීම සඳහා විසඳුම් ද  නිකුත් කළේය.Intel සමාගම විසින් ගැටලු විසඳා ඇති බව අඟවා ඇති නමුත්, බොහෝ දුරට එය සත්‍යයෙන් තොර විය හැක.The New York Times  වාර්ථා කරන්නේ වසර මුලදී Intel සමාගම විසින් නිවැරදි කිරීම් කර ඇත්තේ පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති ආරක්ෂක දුර්වලතා අතරින් කිහිපයක් පමණක්  බවයි.
නවතම වාර්ථාවකට අනුව The New York Times මෙම අවදානම් සොයාගත් ප්‍රධාන ආරක්ෂක පර්යේෂකයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.එහිදී නවතම processor අවදානම් තත්වයන් ගැන අනාවරණය කරන ලදී.Amsterdam වල Vrije Universiteit  හි ලන්දේසි පර්යේෂකයන් පළමුවෙන්ම 2018 සැප්තැම්බර් මාසයේදී Intel වෙත ආරක්ෂක ගැටළු රාශියක් වාර්තා කළ අතර Intel විසින් මැයි මාසයේදී යම් යම් ගැටලු විසඳා ගන්නා ලදී. මෙම සතිය මුලදී Intel  තවත් ආරක්ෂක යාවත්කාලීනයන් නිකුත් කළ නමුත් ගැටළු තවමත් පවතී.
මෙම පර්යේෂකයන් මාස අටක් තිස්සේ නිශ්ශබ්දව සිට ඇත්තේ Intel වෙත විසඳුම් ලබාදීමට ඉතා විශාල කාලයක් ලබා දෙමිනි.Intel සමාගම ආරක්ෂක පර්යේෂකයන්ගෙන් ඉල්ලා ඇත්තේ විසඳුම් සකස් කිරීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බවය.ඒඅනුව පර්යේෂකයන් විසින් මේ පිළිබඳව  ප්‍රසිද්ධ කිරීමට සිටි තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට ඔවුන් වග බලා ගත්හ.
අඟහරුවාදා නිකුත් කරන ලද ඉන්ටෙල් හි නවතම patch වලට පෙර,පර්යේෂකයන් විසින් වඩා අවදානම් ආරක්ෂක ගැටළු පිළිබඳව Intel සමාගමට දැනුම් දුන් අතර නැවත වරක් නිශ්ශබ්දව සිටින ලෙස Intel සමාගම පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලදී. මෙම ආරක්ෂක පර්යේෂණ මගින් දැන් අනාවරණය වී ඇත්තේ Intel සමාගම විසින් 2018 සැප්තැම්බර් මාසයේදී නැවත ලබා දුන් සංකල්ප සනාථ කිරීමේ වැදගත් කේතයක් (proof-of-concept code) නිසි ලෙස පරීක්‍ෂා කර නොමැති බවත් සමාගම ගැටලුවේ මුල නිවැරදි නොකරන බවත්ය. 
මෙම ගැටළු වල මූලය වන්නේ 2018 ජනවාරි මාසයේදී processor වලින් මුලින් සොයාගත් Meltdown සහ Spectre අවදානමයි.මේවා ප්‍රථම වරට අනාවරණය කළ විට, පර්යේෂකයන් අනතුරු ඇඟවූයේ දෝෂයේ ප්‍රභේද සහ වෙනත් ප්‍රතිවිපාක ඉදිරි වසර ගණනාව තුළ මතුවනු ඇති බවයි.පවතින processor වල මූලික ගැටළුව Intel සමාගම විසින් නිරාකරණය කර නොමැත.
වඩා විශාල ගැටළුව වන්නේ Intel සමාගම මෙම processor වල  ගැටළු සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති වීමයි. ව්‍යාකූල සහ පරිස්සමින් වචන භාවිතා කිරීම මගින් මුලදී Intel සමාගම මෙම ගැටළුව සුළුවෙන් තැකීමට උත්සාහ කළේය. මෙම ප්‍රධාන processor වල අඩුපාඩු සොයාගෙන දැන්  වසර දෙකකට ආසන්න වෙමින් පවතින අතර, නිවැරදි කිරීම් වල තත්වය පිළිබඳව Intel සමාගම තවමත් සිය ගනුදෙනුකරුවන් නොමඟ යවමින් සිටින  බව පර්යේෂකයන් පවසයි.
The New York Times සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Amsterdam වල Vrije Universiteit  හි මහාචාර්යවරයකු වන Herbert Bos මෙසේ පවසයි.“ඔවුන්ගේ කීර්තිනාමය අවදානමට ලක්වන තුරු නිසි ආරක්ෂක ඉංජිනේරු විද්‍යාත්මක ක්‍රියාවක් කිරීමට ඔවුන් අදහස් නොකරයි”.




Comments