Featured Post

How to create Bootable USB Using Ventoy

Microsoft Windows history | Windows ඉතිහාසය දෙස කෙටියෙන් බලමු


Microsoft Windows history in brief
Windows ඉතිහාසය දෙස කෙටියෙන් බලමු

--------------------------------------------------------------------

Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතිය 1985 දී පළමු වරට නිකුත් වූ දින සිට මේ දක්වා ප්‍රධාන සංස්කරණ 14 ක් යටතේ ඉදිරිපත් කර ඇත.වසර 34 කට පසු Windows ඉතා වෙනස් ම පෙනුමක් ගෙන ඇති අතර කාලයාගේ ඇවෑමෙන් නොනැසී පවතින ලෙස පරිගණක බලයේ වැඩි වීම සහ keyboard එක , mouse එක touchscreen එකට වෙනස් වීමද ගත හැකිය.
Windows 1 බිල් ගේට්ස් ගෙන් පටන්ගෙන නව මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක Satya Nadella යටතේ නවතම පැමිණීම දක්වා Windows ඉතිහාසය දෙස කෙටියෙන් බලමු.

Windows 1

Windows 1 Logo
Windows සියල්ලම මුලාරම්භය ගත් ස්ථානයයි.මුල් Windows 1, 1985 නොවැම්බරයේදී නිකුත් කරන ලද අතර Microsoft සමාගම එය 16-bit ක graphical user interface(GUI) එකකින් ඉදිරිපත් කළ පළමු අවස්ථාවයි.

එහි සංවර්ධන කටයුතු මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් විසින් මෙහෙයවන ලද අතර එය run වුයේ MS-DOS මත ක්‍රියාත්මකවූ command-line input වලිනි.මෙහි ප්‍රධාන input උපාංගය වූයේ mouse එකය.මෙහිදී එය වඩාත් කැපී පෙනෙන දෙයක් වූයේ එකළ mouse එක පොදු පරිගණක input උපාංගයක් නොවූ නිසාය.එබැවින් භාවිතා කරන්නන්ට මෙය හුරුකිරීම සඳහා Microsoft සමාගම “Reversi” (රුපයේ ඇති පරිදි) නමින් mouse එකෙන් ක්‍රීඩා කළ  හැකි game  එකක් හඳුන්වා දෙන ලදී.මෙය mouse එක එහා මෙහා ගෙනයාමට තිරයේ ඇති දේවල් click කිරීමට මිනිසුන් පුරුදු කිරීමට උපකාරී විය.

Windows 2

Windows 2 Logo
Windows 1 නිකුත් කර වසර දෙකකට පසුව එනම් 1987 දෙසැම්බරයේදී Windows 2 නිකුත් කරන ලදී.Windows 2 හි නව්‍යකරණය වූ දේවල් වූයේ  window  එකිනෙක මතට වැටීමේ හැකියාවයි(overlap).තවද window, minimize හෝ maximize කිරීමේ හැකියාවද හඳුන්වා දෙන ලදී.තවද විවිධ පද්ධති සැකසුම් සහ වින්‍යාස කිරීමේ (system settings and configuration)එක තැනකට එකතුකර control panel එක හදුන්වා දුන් අතර අද දක්වාම  එය පවතී.

Microsoft Word සහ Excel ද පළමු වරට Windows 2 වලදී ඉදිරිපත් කර තිබුණි.

Windows 3

Windows 3 Logo
Windows 3, 1990 දී නිකුත් කරන ලද අතර දෘඩ තැටියක් (hard drive) අවශ්‍ය වූ පළමු Windows සංස්කරණයද විය.Windows 3 යනු වඩාත් පුළුල් සාර්ථකත්වයක් දැක ගත හැකි  පළමු  සංස්කරණය වූ අතර එය Apple Macintosh සහ Commodore Amiga ග්‍රැෆික් පරිශීලක අතුරුමුහුණත් වලට (graphical user interfaces) අභියෝගයක් වූ බවද සලකනු ලැබේ.
Windows 3 හිදී MS-DOS වැඩසටහන් Windows තුල ක්‍රියාත්මක කිරීමේ හැකියාව හඳුන්වා දුන් අතර එමඟින් පැරණි වැඩසටහන් වලට බහු කාර්යයන් කිරීමේ හැකියාව ලැබුණි.interface එකට 256 colours හඳුන්වා දීමත් සමග එය වඩාත් වර්ණවත් පෙනුමක් ගන්නා ලදී.මෙහිදී Solitaire ද හඳුන්වා දී තිබුණි.

Windows 3.1

Windows 3.1 Logo

Windows 1 හා  2 යන දෙකටම වෙනත් යාවත්කාලීන කිරීම්  තිබුනද 1992 දී නිකුත් කරන ලද Windows 3.1 හි කැපී පෙනෙන දෙයක් වන්නේ TrueType fonts හඳුන්වා දීමත්  සමග Windows පළමු වරට ප්‍රකාශන වේදිකාවක් බවට පත් වීමයි.



Minesweeper නම් game එකද මෙහි පළමු වරට හඳුන්වා දෙනලදී.Windows 3.1 සඳහා 1MB  RAM එකක් අවශ්‍ය අතර  MS-DOS වැඩසටහන් පළමු වරට mouse එක මගින් පාලනය කිරීමට ඉඩ ලබා දුන්නේය.CD-ROM එකක් මගින් බෙදා හරින ලද පළමු Windows සංස්කරණයද වන්නේ  Windows 3.1 ය.hard drive එකට install කලවිට එයට අවශ්‍ය වන්නේ 10MB සිට 15MB දක්වා ප්‍රමාණයකි. (සංයුක්ත තැටියකට සාමාන්‍යයෙන් 700MB දක්වා ගබඩා කළ හැකිය).

Windows 95

Windows 95 Logo
නමට අනුවම, Windows 95 1995 අගෝස්තු මාසයේදී පැමිණි අතර,ඒ සමඟම පළමු වරට Start button එක සහ Start menu එක මෙහි ඇතුලත් විය.Rolling Stones සමග “Start Me Up” ලෙස දැවැන්ත වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරන ලදී.

Windows 95, “plug and play” සංකල්පය ද හඳුන්වා දුන්නේය.”කුමන හෝ device එකක් සම්බන්ධ කරන්න එවිට මෙහෙයුම් පද්ධතිය ඒ සඳහා සුදුසු drivers සොයාගෙන එය ක්‍රියාත්මක කරයි”.යන්න එහි අදහසයි.එය එකල සැමවිටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීය.
Windows 95 ක්‍රියාත්මක වූයේ 32-bit පරිසරයකය.මෙහිදී task bar එක හඳුන්වාදුන් අතර බහු කාර්යයන් (multitasking) කෙරෙහි වැඩි අවධානය යොමු කළේය.Windows 95 සඳහා MS-DOS තවමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර එමඟින් සමහර වැඩසටහන් සහ අංග ක්‍රියාත්මක කිරීම කරන ලදී.
Internet Explorer ද මෙහිදී Windows 95 සමග පළමු වරට හඳුන්වා දුන් අතර එය default install කර නොතිබූ අතර ඒ  සඳහා Windows 95 Plus! Pack එක අවශ්‍ය විය.Netscape Navigator සහ NCSA Mosaic එකළ ජනප්‍රිය වූ බැවින් පසුව පැමිණි සංස්කරනවල IE default install කර තිබුණි.

Windows 98

Windows 98 Logo

1998 ජුනි මාසයේදී නිකුත් කරන ලද Windows 98, Windows 95 මත ගොඩනගා ඇති අතර එය IE 4, Outlook Express, Windows Address Book, Microsoft Chat සහ NetShow Player සමඟ ගෙන එන ලදී.පසුව 1999 දී Windows 98 දෙවන සංස්කරණයේදී (Windows 98 Second Edition) NetShow Player  එක ඉවත් කර  ඒ වෙනුවට Windows Media Player 6.2 හඳුන්වා දෙනලදී.



Windows 98 වලදී Windows Explorer වල address bar එක සඳහා back සහ forward button හඳුන්වා දුන්නේය.98 වල විශාලතම වෙනස්කම් වලින් එකක් වූයේ පරිගණක උපාංග සඳහා වින්ඩෝස් ඩ්‍රයිවර් මොඩලය (Windows Driver Model) හඳුන්වා දීමයි.Windows 98 හි USB අංශය බොහෝ සෙයින් වැඩිදියුණු වූ අතර එය USB Hub  සහ USB mouse  ඇතුළුව  විශාල ලෙස පැතිරුණු උපාංග සඳහා සහය විය.

Windows ME




බොහෝ දෙනෙක් විසින් Windows ශ්‍රේණියේ අසාර්ථකම සංස්කරණය ලෙස මෙය සලකයි.Windows Millennium සංස්කරණය MS-DOS මත පදනම් වූ අවසාන Windows සංස්කරණය වන අතර Windows 9x වලද අන්තිමයාය. 2000 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද එය ව්‍යවසාය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් Windows 2000 සමඟ සම්බන්ධ වූ මෙහෙයුම් පද්ධතියකි.එය ස්වයංක්‍රීය පද්ධති ප්‍රතිසාධන මෙවලම (automated system recovery tools)වැනි පාරිභෝගිකයින්ට වැදගත් සංකල්ප කිහිපයක් හඳුන්වා දුන්නේය.



IE 5.5, Windows Media Player 7 සහ Windows Movie Maker යන සියල්ලම පළමු වරට මෙහිදී හඳුන්වා දෙන ලදී.Windows Explorer,එක Autocomplete වීමද මෙහිදී දැකගත හැකිවිය.නමුත් නමුත් මෙහෙයුම් පද්ධතිය දෝෂ සහිත වීම, නිසි ලෙස ස්ථාපනය (install) කිරීමට අපොහොසත් වීම වැනි තවත්  දෝෂ නිසා මෙම මෙහෙයුම් පද්ධතිය අසාර්ථක එකක් විය.

Windows 2000





ව්‍යවසාය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් Windows ME සමඟ සම්බන්ධ කර 2000 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද අතර එය මයික්‍රොසොෆ්ට් හි ව්‍යාපාර නැඹුරු පද්ධතියක් වන Windows NT මත පදනම්ව නිකුත් කරන ලදී.පසුව Windows XP සඳහා පදනම බවට පත්වුයේද මෙම.Windows 2000 ය.
මයික්‍රොසොෆ්ට් හි ස්වයංක්‍රීය යාවත්කාලීන කිරීම Windows 2000  හි වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර hibernate සඳහා සහය දැක්වූ පළමු Windows සංස්කරණය ද වුයේ මෙම Windows 2000 ය.

Windows XP 


Windows XP Logo


Windows XP 2001 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද අතර එය හොඳම Windows සංස්කරණයන්ගෙන් ද එකකි.Microsoft සමාගමේ ව්‍යවසාය සහ පාරිභෝගික (enterprise line and consumer line) මෙහෙයුම් පද්ධති එකම වහලක් යටට ගෙන එන ලද්දේ මෙම Windows XP විසිනි.

එය Windows 2000 ලෙස Windows NT මත පදනම් වූ නමුත් Windows ME වල පැවති පාරිභෝගික හිතකාමී අංග ද ගෙන එන ලදී.Start menu එක සහ task bar එක තුළ දෘශ්‍ය වෙනස් කිරීමක් සිදු වූ අතර Start button එක අපට හුරුපුරුදු කොළ පාටින්ද task bar එක නිල් පාටින්ද තිබුණි.තවද vista wallpaper මෙන්ම විවිධ සෙවනැලි සහ වෙනත් දෘශ්‍ය ප්‍රයෝග ද ගෙන එනු ලැබීය.


Windows ME වල මෙන් නොව මෙහිදී built-in CD burning, CD වලින් සහ වෙනත් මාධ්‍යයන්ගෙන් autoplay වීම,විවිධ ස්වයංක්‍රීය යාවත්කාලීන කිරීම් සහ ප්‍රතිසාධන (update and recovery) ක්‍රියාවලියන් මෙන්ම LCD තිර වල කියවීම පහසු කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්ලියර් ටයිප් (ClearType) හඳුන්වා දෙන ලදී.
Windows XP යනු Microsoft සමාගමේ දීර්ඝතම කාලයක් ක්‍රියාත්මක වූ මෙහෙවුම් පද්ධතියයි.ප්‍රධාන යාවත්කාලීනයන් තුනක් මෙයට ලැබී ඇති අතර 2014 අපේ‍්‍රල් මාසය දක්වා අවුරුදු 13 ක් සහය ලබා දී ඇත.2014 දී Windows XP අත්හිටුවන වනවිට පරිගණක මිලියන  430 පමණ භාවිතා විය.

එහි ලොකුම ගැටලුව වූයේ ආරක්ෂාවයි.එහි firewall එකක් තිබුණද එය default අක්‍රිය කර ඇත.Windows XP හි විශාල ජනප්‍රියතාවය හැකර්වරුන්ට සහ අපරාධකරුවන්ට මහඟු පිටුවහලක් විය.විශේෂයෙන්ම Internet Explorer හි අඩුපාඩු උපයෝගී කරගත් අයට.මේ හේතු නිසා බිල් ගේට්ස් විසින් “විශ්වාසදායක පරිගණක” වැඩසටහනක් ආරම්භ කිරීමත් පසුව Service Pack යාවත්කාලීන කිරීම් නිකුත් කිරීමත් සිදු විය.

Windows Vista

Windows Vista Logo


2007 ජනවාරි 30 වන දින මහජනයාට නිකුත් කරන ලද Windows Vista  යනු මයික්‍රොසොෆ්ට් හි Windows මෙහෙයුම් පද්ධතිවල Windows XP හි අනුප්‍රාප්තිකයා වේ. Vista නිකුත් කිරීමත් සමඟ Windows ඉතා අලංකාර විය.තවද අපට ලබා ගත හැකි විශේෂාංගවල සැලකිය යුතු වෙනස්කම් දක්නට ලැබුණි.Windows Aero පෙර සංස්කරණයක් මෙන් නොව සම්පුර්ණයෙන්ම අලුත් GUI එකක් විය.


Vista වලට Microsoft හි DirectX 10 තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ PC game තවත් වැඩිදියුණු විය.Windows Media Player 11 සහ  IE 7 මෙහිදී හඳුන්වා දුනි.තවද Windows Defender සමග anti-spyware වැඩසටහනක් ආරම්භ කෙරුණි.speech recognition, Windows DVD Maker සහ  Photo Gallery සමග  DVD මගින් බෙදා හරින ලද පළමු Windows සංස්කරණය ද වුයේ Vista ය.පසු කලකදී Windows Media Player නොමැතිව Vista සංස්කරණයක් නිර්මාණය කරන ලද්දේ විශ්වාස විරෝධී පරීක්ෂණවලට (anti-trust investigation)  ප්‍රතිචාර වශයෙනි.

Windows 7

Windows 7 Logo



Windows 7 ප්‍රථම වරට 2009 ඔක්තෝම්බර් මාසයේ 22 වන දින නිකුත් කරන ලදී.Vista වලදී මුහුණ දුන් සියලු ගැටළු සහ විවේචන නිරාකරණය  කිරීමට අදහස්  කර ගෙන  Windows 7 නිකුත් කරන ලද අතර එහි පෙනුමට සුළු වෙනස්කම් කිහිපයක් කර සහ පරිශීලක-හිතකාමී අංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණි.

Windows 7  වේගවත්, වඩා ස්ථාවර හා භාවිතයට පහසු වූ අතර බොහෝ පරිශීලකයින් සහ ව්‍යාපාර Windows Vista අමතක කර Windows XP වෙතින්  කෙලින්ම Windows 7  වෙත යාවත්කාලීන කිරීම සිදු කරන ලදී.


අත් අකුරු හදුනාගැනීම Windows 7 වලදී ආරම්භ වූ අතර තිරයේ මුදුනට හෝ පැතිවලට window  “ග්‍රහණය” කිරීමේ හැකියාව මෙන්ම window වල ප්‍රමාණය ස්වයංක්‍රීය වෙනස්  කිරීමේ හැකියාවද මෙහිදී තිබුණි.තවද මෙහි start-up time එක ඉතා ඉක්මන්විය.එමෙන්ම touch touch screen display සඳහා  multi-touch සහයද මෙහිදී ලබා දී තිබුණි.තවද Virtual hard disk සඳහා ද මෙය සහය  දක්වයි.

Windows 8

Windows 8 Logo


2012 ඔක්තෝම්බර් 26 වන දින නිකුත් කරන ලද Windows 8, Microsoft සමාගමේ Windows interface එක වඩාත් රැඩිකල් ලෙස වෙනස් කරන ලද්දකි.මෙහිදී Start button සහ Start menu එක වඩාත් ස්පර්ශ-හිතකාමී (touch-friendly) එකක් විය.


නව tile අතුරුමුහුණත (interface) programme icon සහ live tile පෙන්වන ලදී.මෙහිදී  වැඩසටහන් සහ අයිකන ලැයිස්තුව ප්‍රතිස්ථාපනය කර ඇත.නමුත් windows 7 ට සමාන desktop එකක් මෙහිදීද තිබුණි.Windows 8 පෙර සංස්කරණ වලට වඩා වේගවත් වූ අතර නව, වඩා වේගවත් USB 3.0 උපාංග සඳහා සහය දක්වන ලදී.මෙහිදී  full-screen මාදිලිය පමණක් run වන universal Windows app අඩංගු Windows Store මෙහිදී හඳුන්වා දෙන ලදී.Windows හි අනෙකුත් ක්‍රියාකාරකම් මෙන් තෙවන පාර්ශවයන්ගෙන් වැඩසටහන් තවමත් install  කළ හැකි නමුත් ඒවාට ප්‍රවේශ විය හැක්කේ Windows හි සාම්ප්‍රදායික desktop එකට  පමණි.
මෙහි රැඩිකල් වෙනස බොහෝ දෙනා පිළිගත්තේ නැත.Microsoft සමාගම මෙහිදී උත්සාහ කළේ ටච්ස්ක්‍රීන් (touchscreen) සහ ඩෙස්ක්ටොප් (desktop) භාවිතා කරන්නන් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගීමයි.නමුත් අවසානයේ desktop පරිශීලකයින්ට සම්ප්‍රදායික mouse එකෙන්  සහ keyboard එකෙන්  Windows  පාලනය කිරීමට අවශ්‍ය වූ නිසා  මෙහිදී Windows 8 ටිකක් පසුබෑමකට ලක්විය.
මෙහි Internet Explorer 10,Xbox Live,Microsoft account login සහ Windows Defender තවත්  වැඩි දියුණු කර  තිබුණි.

Windows 8.1

Windows 8.1 Logo


2013 ඔක්තෝම්බර් 18 වන දින Windows 8 සඳහා නිදහස්  නිකුතුවක් ලෙස මෙම Windows 8.1 නිකුත් කරන ලදී.මෙය microsoft සමාගම වාර්ෂික මෘදුකාංග යාවත්කාලීනයන් වෙත මාරුවීමක් සනිටුහන් කළ අතර නව දෘශ්‍ය අතුරුමුහුණත නව මාවතකට හැරවීමේ පළමු පියවරද විය.

Windows 8.1 start button එක නැවත හඳුන්වා දුන් අතර එය Windows 8.1  හි ඩෙස්ක්ටොප් දර්ශනයෙන් ආරම්භක තිරය ගෙන ආවේය. එය mouse එකෙන්  සහ keyboard එකෙන්  Windows  පාලනය කරන පරිශීලකයින්ට කෙලින්ම desktop එක ආරම්භ කිරීමට පහසුවක් විය.

Windows 10

Windows 10 Logo

සමහර අය විසින් Win10 හෝ WinX යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන Microsoft Windows 10, Microsoft Windows හි නවතම  සංස්කරණය වේ. එය 2015 ජූලි 29 වන දින නිකුත් කරන ලදී.Windows 10 නවතම විශේෂාංග රාශියක් සමග windows 8 සමග පැමිණි තවත් විශේෂාංග වැඩිදියුණු කර ඉදිරිපත් කර ඇත.windows 8 සමග පැමිණි tile සමග startmenu එක නැවත ගෙන එන ලදී.තවද Microsoft Edge browser හඳුන්වා දුන් අතර Internet Explorer එකද තවදුරටත්  තබා ගන්නා ලදී.තවද Windows සහ  Windows search bar එකෙහි කොටසක් ලෙස Cortana voice assistant හඳුන්වා දෙන ලදී.2015 සිට මේ දක්වා වසරකට  ප්‍රධාන යාවත්කාලින කිරීම් දෙකක් සමග windows  10 ලොව පුරා මිලියන 700 ක පමණ දෙනා භාවිතා කරයි.




Microsoft Windows Logos

Download Windows 10 ISO Image  From Microsoft Web Site












Comments