Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei MatePad to launch on November 25 | Huawei MatePad නොවැම්බර් 25 නිකුත් කෙරේ

Huawei MatePad to launch on November 25
Huawei MatePad නොවැම්බර් 25 නිකුත් කෙරේ

--------------------------------------------------------------------------------
දැනට ලැබෙන ආරංචි වලට අනුව Huawei MatePad Pro නිකුත් කිරීමට අසන්න බවක් පෙන්නුම් කරයි.මෑතකදී මෙම tablet එක චීන අනිවාර්ය සහතිකයෙන් (3C/China Compulsory Certificate) අවසර ලබාගෙන ඇති අතර එය මෙම tablet එක දියත් කිරීමට ආසන්න බව පෙන්නුම් කරයි.නොවැම්බර් 5 වන දින, ආකෘති අංක MRX-W09 සහ MRX-W19 සහිත Huawei ටැබ්ලටයට 40W Huawei SuperCharge සමඟ 3C සහතිකයක් ලැබී ඇත.දැනට  දැන ගන්නට ලැබෙන තොරතුරු වලට අනුව Huawei සමාගම සිය MediaPad series  එක MatePad series එකට වෙනස් කිරීමට සැලසුම් කර ඇත.කෙසේ වෙතත්, එය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති නමුත් බොහෝ දුරට එය එසේ සිදුවිය හැකියි.Huawei සමාගම දැනටමත් Laptop  වල  සහ smart phone  වල Mate ශ්‍රේණි නිර්මාණය කර ඇති අතර tablet මාලාවේ නම ද  MediaPad සිට MatePad දක්වා වෙනස් කිරීම ඔවුන්ගේ අරමුණ විය හැකිය.
Huawei MatePad Pro

3C මගින් network තොරතුරු කිසිවක් අනාවරණය කර නොතිබුණද, ඉහත මාදිලි WiFi සහ 4G ප්‍රභේද සඳහා විය යුතුය.

පෙර තොරතුරු වලට අනුව, Huawei MatePad Pro එකට  punch hole  display එකක් , පසුපස ද්විත්ව කැමරා සැකසුම සමග  LED ෆ්ලෑෂ් එක , Kirin 990 processor, 8GB RAM, සහ  256GB internal storage එකක් අඩංගු වේ.තවද නව M Pen stylus සහ වෙන් කළ හැකි යතුරුපුවරුවකින් ද සමන්විත වේ.

2019/11/15 දින Huawei විසින් නිල වශයෙන් නව Mate ශ්‍රේණියේ උපාංගයක් නොවැම්බර් 25 වන දින චීනයේ ෂැංහයි නුවරදී එළිදැක්වීම සඳහා වන ප්‍රවර්ධන රූපයක් නිල වශයෙන් පළ කර ඇති අතර එය  Huawei MatePad මාලාව සඳහා සූදානම් කර ඇත. පහත රූපයේ දැක්වෙන්නේ “Mate” පමණක් වන අතර ඉතිරි පෙළ බොඳ වී ඇති නමුත් එය ඇත්ත වශයෙන්ම “MatePad” වේ.


Source : huaweicentral 01 
                huaweicentral 02 
                huaweicentral 03


GSMGeek 2019/11/15

Comments