Featured Post

How to create Bootable USB Using Ventoy

IDC: Smartphone market grew marginally in Q3, Samsung had the most shipments | 2019 Q2 හි smartphone වෙළෙඳපොළ තත්වය

IDC: Smartphone market grew marginally in Q3, Samsung had the most shipments

2019 Q2 හි smartphone වෙළෙඳපොළ තත්වය

---------------------------------------------------------------------------------------------------
IDC එකෙහි  (ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ/International Data Corporation) නවතම වාර්ථාවන්ට  අනුව ජුලි-සැප්තැම්බර් කාලය තුළ ලොව පුරා smartphone නැව්ගත කිරීම 0.8% කින් වර්ධනය වී තිබේ.සමස්තයක් ලෙස ගත් කල,පසුගිය වසරේ මෙම කාර්තුවෙහි නැව්ගත කළ smartphone මිලියන 355.6 හා සසඳන කල මෙම වසරේ එනම් 2019 Q2 හි නැව්ගත කළ smartphone මිලියන 358.3 ක් යනු 8.1% කින් වර්ධනය වීමකි.සමාගම පවසන්නේ පසුගිය වසර දෙක තුල smartphone නැව්ගත කිරීමේ ධනාත්මක වර්ධනයක් සිදුවී ඇති බවයි.

ඉහළම නිෂ්පාදකයින් පස් දෙනා දෙස බැලූ විට පෙනීයන්නේ නැවතත් Samsung ඉදිරියෙන් සිටින බවයි.ඔවුන් smartphone මිලියන 78.2 ක් නැව්ගත කර  ඇති අතර එය 21.8% ක වෙළඳපල කොටසකට සහ 8.3% වාර්ෂික වර්ධනයකි.දෙවන ස්ථානයට පත්ව ඇත්තේ Huawei සමාගමයි.ඔවුන් smartphone මිලියන 66.6 ක් නැව්ගත කර  ඇති අතර එය ගෝලීය වෙළෙඳපොළෙන් 18.6% ක කොටසකට හිමිකම් කියයි.තවද ඔවුන් වඩාත් ආකර්ෂණීය ලෙස ඔවුන්ගේ  වසරින් වසර ලැබූ ඉහළම වර්ධනය වන 28.2% ක වාර්ෂික වර්ධනයක් පෙන්වා ඇත.එය ඔවුන්ට චීනය තුළ ලැබුණු ශක්තිමත් සහයෝගය ඊට හේතු විය හැකිය.

නැව්ගත කිරීම් මිලියන 46.6 ක් සහ වෙළඳපල කොටස 13% ක් සමඟ Apple තෙවන ස්ථානයට පත්ව ඇති නමුත් වාර්ෂික නැව්ගත කිරීම්වල 0.6% ක පසුබෑමක් දක්නට ඇත.Xiaomi  ඊළඟට සිටින අතර නැව්ගත කිරීම් මිලියන 32.7 කි.නමුත් එය  පෙර වසරට වඩා 3.3% කින් පහළ යෑමකි.Oppo සමාගම smartphone මිලියන 31.2 ක ප්‍රමාණයක් නැව්ගත කිරීම් සිදුකර ඇති අතර පළමු පස් දෙනා අතරට පැමිණීමට ඔවුන්ට හැකිවී ඇත.ඔවුන් පසුගිය වසරට වඩා 4.1% වර්ධනයක් ලබාගෙන ඇත.


Source : IDC



Comments