Featured Post

How to create Bootable USB Using Ventoy

New WhatsApp Business app | අලුත් WhatsApp Business app එක ගැන සිංහලෙන්

WhatsApp’s latest feature, Catalogs, caters to small businesses skipping the web for mobile
අලුත් WhatsApp Business app එක

---------------------------------------------------------------------------------------------------
ස්මාර්ට් ෆෝන් හරහා තම ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට කැමති ව්‍යාපාරිකයින්  සඳහා වෙනමම විශේෂිත App එකක් WhatsApp විසින් හඳුන්වාදෙයි.දැන් Facebook සමාගමට අයිති WhatsApp, WhatsApp Business app   එකට නව “නාමාවලි” (“catalogs”) නම් විශේෂාංගයක් හඳුන්වා දී ඇති අතර එමඟින් ව්‍යාපාරිකයිට තම නිෂ්පාදන හා සේවාවන්  ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කිරීමට හා share කිරීමට හැකියාව ලැබෙයි.එමගින් පරිභෝගිකයිට මිලදී ගැනීමේ තීරණ කිරීම පහසු වේ.

මෙම නාමාවලි මගින් WhatsApp හි ජංගම වෙළඳසැලක් ලෙස ඉතා ඵලදායී සේවයක් ලබා ගත හැකිය.තවද වෙබ් පිටුවක අවශ්‍යතාවයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි එකකි.එනම් ව්‍යාපාරික හිමිකරු ඔවුන්ගේ app එකෙහි Catalog වෙත ගොස් වෙත ගොස් ඔවුන් විකුණන ඕනෑම දෙයක ඡායාරූප upload කර එහි විස්තර ඇතුලත් කළ යුතුය.අවශ්‍ය නම් නිෂ්පාදනයක් හෝ සේවා කේතයක් (උදා: SKU) ඇතුළත් කළ හැකිය.
මෙම නාමාවලි (catalogs) පාරිභෝගිකයින්ට WhatsApp chat පණිවිඩයකින් යැවිය හැකිය.උදාහරණයක් ලෙස, ගනුදෙනුකරුවෙකු යම් භාණ්ඩයක් ගැන හෝ නිර්දේශයක් ඉල්ලා සිටියහොත්, ව්‍යාපාර හිමිකරුට පාරිභෝගිකයාට දැන ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු ඇතුළත් වන පරිදි නාමාවලිය ඔහුට යැවිය හැකිය.
මෙම නාමාවලි විශේෂයෙන් නැගී එන වෙළඳපලවල් මත පදනම් වූ WhatsApp හි පාරිභෝගිකයිව ඉලක්කගත කරයි.එහිදී බොහෝ පරිශීලකයින් බොහෝ ක්‍රියාකාරකම් සඳහා web එක වෙනුවට apps යොදා ගනියි.මෙම කලාපවල නව පරිශීලකයින් අන්තර්ජාලයට පැමිණෙන විට බොහෝවිට smart phone  භාවිතා කිරීම මෙයට හේතුවයි.

දැනටමත්, WhatsApp Business app එක එම වෙළඳපොළෙන් සැලකිය යුතු කොටසක් අල්ලාගෙන අවසන්ය.සමාගම පැවසුවේ මෙම වසර මුලදී මෙම app එක මිලියන 5 ක් පමණ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් පිරිසක් භාවිතා කරන බවයි.businesses in mind, including business profiles, quick replies for messages, chat labels සහ automated messages වැනි අදට ගැලපෙන අවශ්‍යතාවයන්  මෙම “නාමාවලි” විශේෂාංගය නිර්මාණය කර ඇත.

WhatsApp පවසන්නේ බ්‍රසීලය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල Android සහ iphone යන දෙඅංශයේම WhatsApp Business app භාවිතා කරන ව්‍යාපාර සඳහා මෙම නව විශේෂාංගය දැනට පවතින බවයි. එය “ළඟදීම” ලොව පුරා වෙනත් වෙළඳපල වෙත ද ව්‍යාප්ත කිරීමට සමාගම බලාපොරොත්තු වේ.නමුත් WhatsApp එය නිකුත් කිරීමේ නිශ්චිත කාල රාමුවක් තවම ප්‍රකාශයට  පත් කර නැත.


Comments

Post a Comment