Featured Post

How to create Bootable USB Using Ventoy

Looks Like Qualcomm's Snapdragon 865 Will Be Announced Next Month Qualcomm | සමාගමේ මීළඟ chipset Snapdragon 865 ගැන සිංහලෙන්.

Looks Like Qualcomm's Snapdragon 865 Will Be Announced Next Month
Qualcomm සමාගමේ මීළඟ chipset Snapdragon 865 ගැන සිංහලෙන්.

---------------------------------------------------------------------------------------------------
Qualcomm සමාගම  මේවනවිට  ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ මීළඟ ස්නැප්ඩ්‍රැගන් තාක්ෂණික සමුළුව (Snapdragon Tech Summit) ළඟදීම පැවැත් වීමට නියමිත බවයි.සමුළුවෙහි  විශේෂත්වය වනුයේ බොහෝවිට Snapdragon 865 chipset එක විය හැකිය.2019 Snapdragon තාක්ෂණික සමුළුව දෙසැම්බර් 3 සිට 5 දක්වා කාලය තුළ හවායි හිදී පැවැත්වීමට නියමිතය.Snapdragon 865 යනු ලබන වසරේදී බොහෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් බල ගැන්වීමට අපේක්ෂා කරන මීළඟ ඉහළ පෙළේ SoC එකය.

Snapdragon 865 coming with the help of Samsung | Snapdragon 865 සඳහා samsung සහය 

මෙම chipset එක සඳහා samsung සමාගමේ සහයද ලබාගෙන ඇත.සැම්සුන් හි 7nm EUV ක්‍රියාවලිය භාවිතා කරමින් සිලිකන් නිපදවීම සිදු වනු ඇත.මෙයට හේතුව නම් දකුණු කොරියානු දැවැන්තයා samsung සමාගමෙහි EUV (Extreme ultraviolet lithography) ක්‍රියාවලිය, TSMC's 7nm FinFET ක්‍රියාවලියට වඩා විදුලිබල පරිභෝජනය සම්බන්ධයෙන් ඉහළින් සිටින නිසාවෙනි.
මූලික වශයෙන්, EUV ක්‍රියාවලිය වඩාත් නිවැරදි ට්‍රාන්සිස්ටර ස්ථානගත කිරීමට ඉඩ සලසා දෙයි.මෙම නිරවද්‍යතාවය නිසා chipset එක තුළ වඩා වැඩි ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් ස්ථාන ගත කල හැකිය.chipset එකේ ට්‍රාන්සිස්ටර ගණන වැඩි වන තරමට කාර්යක්ෂමතාව වැඩි වේ.Qualcomm මේ වසරේ samsung තෝරා ගත්තේ ඇයිද යන්න මෙයින් පැහැදිලි වේ.නමුත් Qualcomm සමාගමට, 5nm (5nm process)  ක්‍රියාවලියෙන් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා 2021 දී නැවතත් TSMC වෙත යාමට සිදු සිදු වේවි.
Snapdragon 865 chip එක, Snapdragon 855 සහ Snapdragon 855 Plus වල CPU ආකෘතිය එළෙසම පවත්වා ගෙන යනු ඇත.මෙයින් අදහස් කරන්නේ එය 1.8GHz ක මූලික සංඛ්‍යාතයක් (base frequency) සහිත octa-core  chipset  එකක් වනු ඇති බවයි.කෙසේ වෙතත් මෙහි CPU Core, ARM හි Cortex-A75 නිර්මාණ ශිල්පය (architecture) මත පදනම් වනු ඇත.මෙම chip එකට නව Adreno GPU ද එක්වනු ඇත.AI පහසුකම්ද ඉහළ නැංවීමක් මෙහිදී සිදුවනු ඇත.(Neural Processing Unit හරහා). 
අසන්නට ඇති කටකතා වලට අනුව LPDDR5 RAM සඳහාද,storage එක UFS 3.0  සඳහාද මෙම chipset එක සහය දක්වනු  ලබයි.මෙම වෙනස්වීම් හේතුවෙන් Snapdragon 855 ට වඩා කාර්යක්ෂමතාව  ඉහළ යනු ඇත.

Snapdragon 865 reportedly available in two variants | Snapdragon 865 ප්‍රභේද දෙකකින් 

ලැබෙන ආරංචි නිවැරදි නම් Qualcomm විසින් Snapdragon 865 හි ප්‍රභේද දෙකක් නිකුත් කරනු ඇත.එකක් “Kona” ලෙස හැඳින්වෙන අතර අනෙක “Huracan” ලෙස හඳුන්වනු ලබයි.එක් ප්‍රභේදයක් අභ්‍යන්තර 5G මොඩමයක් සහිත වන අතර අනෙක LTE සඳහා පමණක් සහාය දක්වනු ඇත.මොඩමය X55 ද නැතිනම් එහි යම් වෙනසක් ද යන්න තවමත් පැහැදිලි නැත.Snapdragon 865 පෙබරවාරි මාසයේදී මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙනු ඇතැයි වාර්තා වේ.samsung galaxy S11 ද මෙම chipset එක සමග නිකුත් වීමටද නියමිතය.නමුත් සාමාන්‍ය පරිදි එය ඔවුන්ගේම Exynos 9830 SoC එක සමග සමහර වෙළඳපළ වලට S11 නිකුත් කරනු ඇත.

Source : androidheadlines

GSMGeek 2019/11/10

Comments