Featured Post

How to create Bootable USB Using Ventoy

MediaTek and Intel partner up to bring 5G to laptops | MediaTek සහ Intel එකතු වී laptop සඳහා 5G හඳුන්වාදීමට සැරසෙයි.

MediaTek and Intel partner up to bring 5G to laptops
MediaTek සහ  Intel එකතු වී laptop  සඳහා 5G හඳුන්වාදීමට සැරසෙයි.

MediaTek සමාගම  ප්‍රකාශයට පත් කරන ලද්දේ තමන් 5G මොඩමයක් (modem) PC (laptop වලට) වලට ගෙන ඒමට Intel සමාගම සමඟ හවුල් වී වැඩ කරගෙන යන බවයි.MediaTek  ආයතනයට අනුව, 5G සහය දක්වන පළමු laptop පෙළ  2021 මුල් භාගයේදී අපේක්ෂා කළ හැකි බවයි. Intel සහ MediaTek හි 5 G  තක්ෂයයෙන් බල ගැන්වෙන ලැප්ටොප් පරිගණක ලබා දෙන පළමු මුල් උපකරණ නිෂ්පාදකයින් (OEM ) අතර Dell සහ Hp  බලාපොරොත්තු විය හැකි බව  MediaTek  සමාගම පවසයි.
ජංගම දුරකථන සඳහා 5G තාක්‍ෂණය යොදා ගනිමින් එම ක්ෂේත්‍රයේ වැඩ කිරීම නිසා MediaTek සමාගමට   laptop වලට  5G තාක්‍ෂණය හඳුන්වා දීම තරමක පහසු කටයුත්තක් විය හැකිය.laptop සඳහා වන නව  5G මොඩමයන් (modem) ස්මාර්ට් ෆෝන් සඳහා වන Helio M70 5G  මොඩමය මත පදනම්ව නිර්මාණය කරනු ඇත.
ඉන්ටෙල් හි විධායක උප සභාපති (executive vice president) සහ සේවාලාභී පරිගණක සමූහයේ සාමාන්‍යාධිකාරී (general manager of the Client Computing Group) Gregory Bryant පවසන පරිදි “5G නව මට්ටමේ පරිගණක හා සම්බන්ධතාවයක් මුදා හැරීමට සූදානම් වන අතර එමඟින් අප ලෝකය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය වෙනස් කරනු ඇත”ඔහු වැඩිදුරටත් කියා සිටියේ "MediaTek සමඟ MediaTek හවුල්කාරිත්වය තුළින් කර්මාන්තයේ ප්‍රමුඛයින් සමග ගැඹුරු ඉංජිනේරු ක්‍රම(industry leaders with deep engineering), පද්ධති ඒකාබද්ධ කිරීම(system integration) සහ සම්බන්ධතා විශේෂඥයින්(connectivity expertise) සමඟින් ලොව හොඳම laptop වල ඊළඟ පරම්පරාවට 5G අත්දැකීම් ලබා දෙනු ඇත." යන්නයි.


Comments