Featured Post

How to create Bootable USB Using Ventoy

What is Google Files, how does it work, and do you need it? | Google Files App එක පිළිබඳව දන ගනිමු.

What is Google Files, how does it work, and do you need it?
Google Files App එක පිළිබඳව දැන ගනිමු.

හොඳයි යාලුවනේ අද අපි කතාකරන්න යන්නේ  හොඳ file management සහ file sharing  app  එකක් ගැන.අප අතරින් බොහෝ දෙනෙක්  භාවිතා කරන්නේ Android phone බව සැමදෙනාම පිළිගන්න දෙයක්.ඉතින් Android phone භාවිතා කරන අය බොහෝ දෙනෙක් file share  කරන්න file management කරන්න විවිධ app  භාවිතා කරනවා.බොහෝ විට file share කරන්න SHAREit,Xender,Zapya,Xshare වැනි app භාවිතා කරනව.නමුත් මෙම app වල අනවශ්‍ය දේවල් ගොඩක් අන්තර්ගත වෙනව.Ads,pop-up notification වගේම app එකේ ප්‍රමාණය විශාල වීමද ලොකු ගැටළුවක්.ඉතින් එකට හොඳම පිලියමක් තමයි google සමාගමේ Files app එක.මෙය google සමාගමේ app එකක් නිසා අපට විශ්වාස කරන්න පුළුවන් app එකක්.
තවද මෙය Files Go ලෙස හැඳින්වුවද දැන්මෙය “Files by Google" ලෙස හඳුන්වයි.Files යනු ගූගල් හි නවතම යෙදුමයි. එය භාවිතා කිරීම නොමිලේය , සැහැල්ලු (10MB පමණ ඉඩ ප්‍රමාණයක් පමණක් ගනී)
මෙම app එකෙහි මූලික අවධානය යොමු වී ඇත්තේ ඔබගේ දුරකථනයේ ඉඩ ප්‍රමාණය නිදහස් කර ගැනීමයි.ඊට අමතරව apps, spam  සහ duplicate files ඉවත් කිරීමට බුද්ධිමත්ව නිර්දේශ කිරීමද මෙම app එකමගින් සිදු කරයි.එය ඔබගේ උපාංගය සංවිධානාත්මකව තබා ගැනීමට උපකාරී වන අතර අන්තර්ජාලයක් අවශ්‍ය නොවන ගොනු හුවමාරු සේවාවක් ලෙස ද කටයුතු කරයි.
මෙම app මූලික අංග තුනක් ඉදිරිපත් කරයි  දුරකථනයේ  මතකය සහ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා, junk file  සහ cache එක  (clean out junk files and cache) පිරිසිදු කිරීම ,phone එකේ storage එක පිරික්සීම ඉතා පහසුවෙන් කර දීම,පින්තූර යවන්න, වීඩියෝ බෙදාගන්න, සහ විශාල ලිපිගොනු වේගයෙන් හුවමාරු කරන්න (සංකේතාත්මක සෘජු Wi-Fi ජාලය හරහා 480Mbps දක්වා අනුපාත කරන්න)එම ප්‍රධාන අංග තුනයි.

How does Google Files work?/Google Files වල වැඩ කරන්නේ කොහොමද ?

Clean


App එක open කල පසු tab තුනකින් යුතු ප්‍රධාන තිරයකට ඔබව ගෙන එනු ඇත.එනම් Clean, Browse, සහ Share.Clean tab  එක යටතේ tap කිරීම් කිහිපයකින් ඉඩ කඩ වැඩි කළ හැකිය.chat app වලින් පැරණි ඡායාරූප සහ memes මකන්න, අනුපිටපත් ගොනු (duplicate files) ඉවත් කරන්න, භාවිතයට නොගත් යෙදුම් මකා (unused app) දමන්න, ඔබේ දුරකථනයෙහි  cache එක හිස් කරන්න සහ තවත් බොහෝ දේ කළ හැකිය. තවද  junk හෝ temporary files ඉවත් කිරීමට ඔබගෙන් විමසනු ඇත.තවද ඔබගේ දුරකථනයේ කොපමණ නිදහස් ඉඩ ප්‍රමාණයක් ඉතිරිව ඇත්දැයි බැලීමට මෙම “Files app” එක භාවිතා කළ හැකිය (සහ SD කාඩ් පතක් තිබේ නම්).

Browse

“Files app” එකෙහි  පතුලේ ඇති Browse ටැබය ඔබ තෝරා ගන්නේ නම්,downloads, received files, images, videos, audio, and documents  වැනි වර්ග අනුව ඔබගේ උපාංගයේ ගොනු සොයා ගැනීමට ඔබට ඉඩ සලසයි.එතැන් සිට ඔබට ලිපිගොනු බැලීමට(view), මකා දැමීමට(delete), ගෙනයාමට(move), නැවත නම් කිරීමට(rename) හෝ බෙදා(share) ගැනීමට යන  දේවල් කළමනාකරණය කළ හැකිය.ඔබට file එකක් සදහටම තබා ගැනීමට අවශ්‍ය නම්, එය file මෙනුවෙන් තෝරා Google Drive හෝ වෙනත් cloud  එකකට upload කිරීමටද හැකිය.

Share

Files app එකෙහි පතුලේ Share නමින් තවත් tab එකක් ඇත.එමගින් 480Mbps දක්වා වේගයෙන් ඔබේ පින්තූර, වීඩියෝ, ලේඛන හෝ app  අසල ඇති වෙනත් device  සමඟ බෙදා ගැනීමට එය ඔබට ඉඩ සලසයි.ඒ සඳහා  අන්තර්ජාලය අවශ්‍ය නොවේ.ඔබගේ දුරකථනය අසල ඇති ඕනෑම අයෙකු සමඟ Files  app එක මගින් සම්බන්ධ කරන්න.සංකේතනය (encrypted) හා වේගවත් (direct fast) Wi-Fi සම්බන්ධතාවයක් සැකසීමට යෙදුම Bluetooth භාවිතා කරයි (එය WPA2 සංකේතනය සමඟ සුරක්ෂිතයි).
ඉතින් google Files app එක ඔබත් භාවිතා කර බලන්න.වෙනත් app වලට වඩා පහසුවක් වනු ඇත.ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. පහලින් comment කරන්න.



Comments