Featured Post

How to create Bootable USB Using Ventoy

Xiaomi to launch at least 10 5G smartphones in 2020 | 2020 දී Xiaomi සමාගම විසින් 5G ස්මාර්ට්ෆෝන් මාදිලි 10 ක් නිකුත් කිරීමට සැලසුම් කරයි.

Xiaomi to launch at least 10 5G smartphones in 2020
2020 දී  Xiaomi සමාගම විසින් 5G ස්මාර්ට්ෆෝන් මාදිලි 10 ක් නිකුත් කිරීමට සැලසුම් කරයි.

චීන දුරකථන නිෂ්පාදක Xiaomi සමාගම විසින් 5G ස්මාර්ට්ෆෝන් දුසිමක් පමණ ලබන වසරේදී එළිදැක්වීමට අපේක්ෂා කරන අතර එමගින් 5G දුරකථනද  ඉක්මනින්ම  4G දුරකථන මෙන් සුලභ  කිරීමට සමාගම සැලසුම් කර ඇත.බීජිං හි පිහිටි Xiaomi සමාගම අවම වශයෙන් 5G ස්මාර්ට්ෆෝන් මාදිලි 10 ක් වත්  2020 දී එළිදක්වන බව Xiaomi හි නිර්මාතෘ Lei Jun නොවැම්බර් 20 දින බීජිං හි පැවති සමාගමේ සංවර්ධක සමුළුවේදී පවසන ලදී.
2020 මුල් භාගයේදී නිකුත්වන යුවාන් 2,000 කට වඩා වැඩි (ඇමරිකානු ඩොලර් 285 ට වැඩි) mid range සිට high-end දක්වා  Xiaomi ස්මාර්ට්ෆෝන් සියල්ලම 5G සක්‍රීය දුරකථන වනු ඇති බව  Lei Jun පවසයි.තවද Xiaomi සමාගම අඩු මිල (lower) සිට වැඩිමිල (higher end) දක්වා වූ සම්පුර්ණ පරාසයම 5G දුරකථන වලින් ආවරණය කිරීමට බලාපොරොත්තු වේ.
චීන ස්මාර්ට්ෆෝන් සන්නාමයන් මේ වසරේදී 5G දුරකථන හඳුන්වාදීම ආරම්භ කර ඇති අතර මෙම මස මුලදී, රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් ටෙලිකොම් ක්‍රියාකරුවන් තිදෙනාම දේශීය (චීන)පාරිභෝගිකයින් සඳහා සමාන 5G සැලසුම් හඳුන්වා දුන් නමුත්, ආවරණය අඛණ්ඩව පවතින්නේ ප්‍රධාන චීන නගරවලට සහ පහළ මට්ටමේ නගරවල ප්‍රධාන ප්‍රදේශවලට පමණි.
චීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇකඩමියේ දත්ත වලට අනුව ලෝකයේ විශාලතම ස්මාර්ට්ෆෝන් වෙළඳපොල වන චීනයේ 5G උපාංග අලෙවිය නාමික ලෙස පවතින අතර අගෝස්තු මාසයේදී චීනයේ 5G ස්මාර්ට්ෆෝන් 219,000 ක් පමණක් අලෙවි වූ එම ආයතනය පවසයි.තවද එම මාසය තුළ රට තුළ අලෙවි වූ මිලියන 30.8 ක් වූ ජංගම දුරකථන වලින් එය 0.7% ක් පමණක් බවද එම වාර්තාව වැඩි දුරටත් අනාවරණය කරයි.
Xiaomi විසින් පසුගිය පෙබරවාරි මාසයේදී MWC හිදී Mi Mix 3 5G දුරකථනය හඳුන්වාදුන් අතර සැප්තැම්බර් මාසයේදී සමාගම විසින් සිය ප්‍රධානතම Mi 9 මාදිලිය සඳහා 5G අනුවාද දුරකථනය හඳුන්වා දෙන ලදී. එය යුවාන් 3,699 ක (ඇමරිකානු ඩොලර් 520) සිට ආරම්භ වූ අතර එය මෙතෙක් වෙළඳපල ලාභදායීම 5G flagship දුරකථනයද වේ.මේඅනුව බලන කල Xiaomi සමාගම 2020 දී 5G දුරකථන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනේ.


Comments