Featured Post

How to create Bootable USB Using Ventoy

Nokia is going to announce a new smartphone on December 5 | Nokia සමාගම අළුත් ජංගම දුරකථනයක් දෙසැම්බර් 05 හඳුන්වා දෙයි.

Nokia is going to announce a new smartphone on December 5
Nokia සමාගම අළුත් ජංගම දුරකථනයක්  දෙසැම්බර් 05 හඳුන්වා දෙයි.

මෙම වසර දැන් බොහෝ දුරට ගෙවී අවසන් වී ඇත.ලබන මාසයෙන් පසු නව වසරක් උදා වනු ඇත.නමුත් දැන් Nokia නාමය මෙහෙයවන  HMD Global සමාගම අපව පුදුමයට පත් කරවමින් දෙසැම්බර් 5 වන දින නව උත්සවයක් පැවැත්වීම නිවේදනය කර ඇති අතර එහිදී  ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් පෙළට නවතම එකතු කිරීමක් සිදුකරන බව නිවේදනය කරන ලදී
එම දවසේ එළි දක්වන්නේ කුමන උපාංගයද යන්න Nokia විසින් හෙළි කර නොමැති නමුත් බොහෝ දුරට එය Nokia 8.2 විය හැකිය.පසුගිය වසරේදී HMD Global සමාගම විසින් දෙසැම්බර් 5 වන දින Nokia 8.1 නිවේදනය කළ අතර ඉන් හරියටම අවුරුද්දකට පසු Nokia 8.2 නිවේදනය කිරීම සිදු වේවි (ලැබෙන ආරංචිය නිවැරදි නම් ). 
අපට ලැබී ඇති වාර්තාව අනුමාන කරන්නේ Nokia 8.2 දුරකථනය Snapdragon 700-series processor යක් සමඟ 4GB of RAM සහ 64GB internal storage එකකින් යුක්ත විය හැකි බවයි.තවද මෙහි bezel-less LCD display එකක් සහ රවුම් මොඩියුලයක් සමග එන 64-megapixel ප්‍රධාන Camera  පද්ධතිය සහ pop-out selfie camera වක් ද සමග නිකුත් කිරීමට ඉඩ ඇති බවයි . මෙම දුරකථනයේ 5G අනුවාදයක් ලබන වසරේ පෙබරවාරි මාසයේදී MWC 2020 හිදී පැමිණිය හැකිය.


Nokia 8.2 ලබන මාසයේ නිකුත් කිරීමට අපොහොසත් වුවහොත්, සමාගම ඒ වෙනුවට Nokia 2.3 budget ( අඩුමිල )හෝ පාරිභෝගිකයින් අතර හොඳ පිළිගැනීමක් ඇති Nokia 7.2 හි රතු ප්‍රභේදයක් පවා ප්‍රකාශයට පත් කළ හැකිය. අදාල දිනය වන තෙක් සමාගමේ සැලසුම් රහසක්ව පවතිනු ඇත.

Comments