Featured Post

How to create Bootable USB Using Ventoy

Pixel 4 Motion Sense gestures we'd love to see | Google සමාගමේ Pixel 4 හි motion Sense එක සොලි රේඩාර් සංවේදකය

Pixel 4 Motion Sense gestures we'd love to see

Soli has potential, but we need more than a skip button

Google සමාගමේ Pixel 4 හි motion Sense එක සොලි රේඩාර් සංවේදකය


Google සමාගමේ Pixel 4 හි motion Sense එක සොලි රේඩාර් සංවේදකය(Soli radar sensor) මඟින් සක්‍රීය කර ඇති නව අංගයන්ගෙන් එකක් වන අතර එමඟින් දුරකථනයට ආසන්නව නිශ්චිත චලනය හඳුනා ගනී.නමුත් එය දැනට බොහෝ දුරට උපයෝගී කර ගෙන ඇත්තේ ගීත වෙනස් කිරීමට සහ ඇමතුම් හෝ alarm මග හරිම වැනි ක්‍රියා අතළොස්සක් කිරීමට පමණි.එම හේතුව නිසා, එය මේවන විට අතිශය වැදගත් අංගයක් නොවේ.නමුත් එහි ආකර්ෂණීය අප කැමති අංග කිහිපයක් ඇත.


 Play/pause music

වාදනය වන ගීතයක් වෙනස් කිරීම සඳහා Pixel 4 දුරකථනය ඉදිරිපිට වමට හෝ දකුණට අභිනය (gesture) දැක්වීම මගින් පහසුවෙන් මෙය කල හැක.විශේෂයෙන් එය රැහැන් රහිත චාජරයක් මත හෝ කාර් එකක සවිකර ඇති විට මෙය සිදු කල හැක.නමුත් දැනට අපට ගීතය තාවකාලිකව නැවත් වීමට ( pause) කිරීමට හැකියාවක් නොමැත. ඔබට සංගීතය වාදනය කිරීමට හෝ විරාම කිරීමට (play or pause) අවශ්‍ය නම් ඔබේ අත්ල display එක ඉදිරිපිට මඳ වෙලාවක් තබන්න.එවිට ක්‍රියාවලිය සිදුවේ.




තවද motion Sense වලින් ශබ්දය අඩු වැඩි කිරීම (Adjust volume),තිරයෙහි දීප්තිය වෙනස් කිරීම,notification හැසිරවීම වැනි දේවල් සිදු කල හැකිය.Motion Sense වල වැඩි දියුණු කිරීමට google ආයතනය කැපවී සිටින බවක් පෙනෙන්නට ඇත.අනාගත මෘදුකාංග යාවත්කාලීනයන් හා කාලයත් සමඟ එය හොඳ අතට හැරෙනු ඇතැයි අප සිතමු.Pixel 4 වල වඩාත් හොඳ කුමන අංගයද?ඔබ වඩාත්ම කැමති අංගය කුමක්ද?



Source : androidcentral

GSMGeek 2019/11/05

Comments