Featured Post

How to create Bootable USB Using Ventoy

Firefox to hide notification popups by default starting next year | ලබන වසරේ සිට Firefox විසින් notification popups සැඟ වීමට තීරණය කරයි

Firefox to hide notification popups by default starting next year

ලබන වසරේ සිට Firefox විසින් notification popups සැඟ  වීමට තීරණය කරයි

In a move to fight spam and improve the health of the web, Mozilla will hide notification popups

ලබන වසරේ සිට Firefox විසින්, web එකෙහි health එක වැඩි දියුණු කිරීමේ පියවරක් ලෙස සහ spam  සමග සටන් කිරීමට notification popups නැවැත් වීමට පියවර ගනු ඇත.2020 ජනවාරි මාසයේදී Firefox 72 නිකුත් වීමත් සමග මෙය සිදුවනු ඇතැයි Mozilla engineer කෙනෙක් සඳහන් කොට ඇත.

භාවිතා කරන්නන් මෙම notification සමග කටයුතු කරන්නේ කෙසේදැයි බැලීමට Mozilla ආයතනය විසින් මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී අත්හදා බැලීමක් සිදුකොට ඇත.එම අත්හදා බැලීමේ ප්‍රථිපලය නම් භාවිතා කරන්නන්ගෙන් වැඩි බහුතරයක් (97%) පමණ notification ප්‍රතික්ෂේප කළ බවයි,නැතහොත් notification පෙන්වීම අවහිර (block) කල බවයි.එහි ප්‍රථිපලයක් ලෙස 2020 ජනවාරි මාසයේදී Firefox 72 නිකුත් වීමත් සමග Firefox හි URL bar එකෙන් පහළට එන notification popup සැඟවීමට Mozilla ඉංජිනේරුවන් තීරණය කර ඇත.
යම්කිසි website එකක් notification පෙන්වයි නම් එය සඟවනු ලබයි.ඒ වෙනුවට URL තීරුවට අයිකනයක් එක් කර ඇත.Firefox විසින් මේ බව පරිශීලකයාට දැනුම්දීමට wiggle effect එකක් භාවිතා කරමින් අයිකනය සජීවිකරණය කරයි. නමුත් පරිශීලකයා (user)  icon එක click කරන තුරු notification popup එක දර්ශණය නොවේ.එය පහත link එකෙන්  ගොස් බලන්න .
Firefox Nightly version එකෙහි මෙය දැනටමත් කර ඇති නමුත් Firefox stable version එකෙහි ලබන ජනවාරි වල සිට මෙය ක්‍රියා කරනු ඇත. 

THE NOTIFICATION API, AND HOW IT ALL WENT SOUTH

Chrome 22 (2012 සැප්තැම්බර්) සහ Firefox 22 (2013 ජුනි) version  වලට Notifications API හඳුන්වා දීමත්  සමඟ නවීන Browser  වලට Notification popup එකතු විය.මෙහි අරමුණ වූයේ භාවිතා කරන්නන් වෙබ් අඩවි ටැබ් එක close කිරීමෙන්  පසුව එම website  එකට අලුතින් එකතු වූ අන්තර්ගතයන් පිළිබඳව දැනුවත් කිරීමයි.

උදාහරණයක් ලෙස,අපි  Slack notification එක on කර ඇති විට සංවාදයක් පවත්වා, Slack browser tab close කලවිට,නව පණිවිඩයක් ලැබුණු විට හෝ නව නව අන්තර්ගතයක් පැමිණි විට මෙම Notifications API වලට හැකියාව තිබෙනවා එම website එකෙහි popup පෙන්වීමට.

ප්‍රවෘත්ති වෙබ් අඩවි ද නව ලිපි එළියට එන විට පරිශීලකයින් දැනුවත් කිරීමට මෙම popup භාවිතා කරනු ලබයි.තවද Social networks සහ instant messaging clients මෙම popup භාවිතා කරනු ලබයි.මෙය අතිශයින්ම ප්‍රයෝජනවත් විය හැකි නමුත් නීත්‍යානුකූල සංවිධාන විසින් භාවිතා කරන විට පමණි.

නමුත් පසුගිය වසර කිහිපය තුළ, පරිශීලකයින් malicious site වලින් ඉවත් වූ පසුව Notifications API මගින් spam යැවීමට ක්‍රමයක් ඇති බව දැන් සොයාගෙන ඇත.සයිබර් අපරාධ කණ්ඩායම් මෙම popup භාවිතා කර පරිශීලකයින්ව නොමග යවන බවද අනාවරණය  වී ඇත.

කෙසේ වෙතත්, notification popup අවහිර කළ පළමු බ්‍රව්සර් මොසිල්ලා ය (firefox).මෙම තීරණය ඉතා හොඳ එකක් ලෙස අපට හැගී යයි.

Source : ZDNet

GSMGeek 2019/11/03




Comments