Featured Post

How to create Bootable USB Using Ventoy

Microsoft to remove Cortana from Microsoft Launcher on Android | Microsoft සමාගම Microsoft Launcher එකෙන් Cortana අයින් කරයිද ?

Microsoft to remove Cortana from Microsoft Launcher on Android

Microsoft Launcher users will soon no longer be able to access Cortana.

Microsoft  සමාගම Microsoft Launcher එකෙන් Cortana අයින් කරයිද ?

Microsoft  සමාගමේ Android සඳහා ඇති ඩිජිටල් සහායක (digital assistant) වන Cortana භාවිතා කරන්නන් තෝරා ගැනීම තරමක් අඩුවී ඇත.දැනට ඔබට Cortana වෙත පිවිසීමට හැක්කේ Cortana app එක හරහා හෝ Microsoft Launcher එකට ඒකාබද්ධ කර ඇති එකෙනි.නමුත් දැන් ඇති ආරංචි වලට අනුව Microsoft  සමාගම මේ දෙකෙන් එකක් ඉවත් කරනු ඇත.

දැනට තිබෙන ආරංචි වලට අනුව ඉදිරි මාස කිහිපය තුල Microsoft  සමාගම, Microsoft Launcher එක තුලට ක්‍රමානුකුලව Cortana ඇතුලත් කිරීමට සැලසුම් කර ඇත.එසේ කිරීමට හේතුව වන්නේ ජංගම දුරකථනයේ ඇති දේ සමඟ Cortana තවදුරටත් නොගැලපීමයි.Cortana, උපාංගයක  තනි  app එකක් ලෙස තිබීම නතර  කිරීමටත් ,එය වඩාත් කාර්යක්ෂම ලෙස Outlook, Skype,Teams  වැනි Microsoft 365 productivity apps තුල සහයකයෙක් ලෙස යොදා ගැනීමටත්  Microsoft  සමාගමට අවශ්‍ය වී ඇත.
මෙයින් අදහස් කරන්නේ iOS සහ  Android වල ඇති විශේෂිත Cortana app  එක නැති වී යනවාද යන්න තවම පැහැදිලි නැත.නමුත් Microsoft  සමාගම Surface Headphones සහ  Surface Earbuds සඳහා විශේෂිත app එකක්  නිර්මාණය කරන බව අසන්නට ලැබේ.

Microsoft windows 10 සඳහා විශේෂිත Cortana app එකක් සමාගම විසින් නිර්මාණය කරමින් සිටියි.සමහරවිට මෙය Windows වලට තවමත් default assistant කෙනෙක් අවශ්‍ය නිසා විය යුතුය. මිනිසුන් ඔවුන්ගේ දුරකථනවල ඩිජිටල් සහායකයන් භාවිතා කරන ආකාරයට windows වල එය භාවිතා කරයි කියා Microsoft  සමාගම අපේක්ෂා නොකරයි.
Cortana app එක Microsoft Launcher එකෙන්  ඉවතට ගියහොත් ජංගම දුරකථනයේ digital assistant ලෙස එය රසිකයිට භාවිතා කළ නොහැකි වේ.

Source : windowscentral

Comments