Featured Post

How to create Bootable USB Using Ventoy

os market share | ලොව පුරා භාවිතා වන මෙහයුම් පද්ධති වල වෙළඳපළ තත්වය

Operating System Market Share Worldwide

ලොව පුරා  භාවිතා වන මෙහයුම් පද්ධති වල වෙළඳපළ තත්වය

---------------------------------------------------------------------------------

අද අපි බලමු ලොව පුරා  භාවිතා වන මෙහයුම් පද්ධති වල වෙළඳපළ තත්වය කෙසේද යන්න.මෙයින් ඔබට අප භාවිතා කරන මෙහයුම් පද්ධති ලෝකය පුරා පැතිරී ඇති  ආකාරය පිළිබඳව සරල අදහසක් ලබා ගත හැකිය.

පළමුව අපි බලමු සියලුම උපාංග සඳහා මෙහයුම් පද්ධති වල වෙළඳපළ තත්වය.මෙම සංඛයා ලේඛන Oct 2018 - Oct 2019 දක්වාය .

operating system market share  All  platform




මේ අනුව පෙනී යන්නේ Android මෙහෙයුම් පද්ධතිය 41.19% හිමි කරගෙන ඉදිරියෙන් සිටින බවයි.දෙවැනි ස්ථානය 34.8 % හිමි කරගෙන Windows ද තෙවැනි ස්ථානය 13.52% හිමි කරගෙන ios ද හිමි කරගෙන සිටියි.
-----------------------------------------------------------------------
දැන් අපි බලමු Desktop මෙහෙයුම් පද්ධති වල වෙළඳපළ තත්වය.මෙම සංඛයා ලේඛන Oct 2018 - Oct 2019 දක්වාය .

Desktop Operating System Market Share Worldwide


Source: StatCounter Global Stats - OS Market Share

මේ අනුව පෙනී යන්නේ Desktop  මෙහෙයුම් පද්ධති පමණක්  සලකූ කල Windows ඉතා ඉහල ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බවයි.එය77.93% ක් තරම් ඉහල අගයකි.15.93% අගයක් ලබාගෙන  දෙවන  ස්ථානය OS X හිමි කරගෙන සිටියි.මෙම අගයන් දෙස බැලීමේදී Desktop මෙහෙයුම් පද්ධති වල Windows කෙතරම් ප්‍රබල  ස්ථානයක සිටීද යන වග ඔබට පැහැදිලි වනු ඇත.Desktop ගැන බැලීමේදී Windows ට තරඟයක් දීමට තවමත් වෙනත් කිසිඳු මෙහෙයුම් පද්ධතියකට හැකිවී නැත.
-----------------------------------------------------------------------
ඊළඟට  අපි බලමු Tablet  මෙහෙයුම් පද්ධති වල වෙළඳපළ තත්වය.මෙම සංඛයා ලේඛන Oct 2018 - Oct 2019 දක්වාය .

Tablet Operating System Market Share Worldwide


Source: StatCounter Global Stats - OS Market Share

මේ අනුව පෙනී යන්නේ tablet මෙහෙයුම් පද්ධති පමණක්  සලකූ කල iOS, 66.32% ක වෙළඳපළ ප්‍රමාණයක් හිමි කරගෙන ඉදිරියෙන් සිටින බවයි.දෙවැනි ස්ථානය 33.42% ක වෙළඳපළ ප්‍රමාණයක් හිමි කරගෙන Android සිටියි.තෙවැනි ස්ථානය 0.14% ක වෙළඳපළ ප්‍රමාණයක් හිමි කරගෙන Windows  සිටියි.මේ අනුව පෙනී යන්නේ iOS වලට යම්කිසි තරඟයක් දීමට Android සමත් වී ඇති බවයි.
-----------------------------------------------------------------------
අවසානයට   අපි බලමු Mobile   මෙහෙයුම් පද්ධති වල වෙළඳපළ තත්වය.මෙම සංඛයා ලේඛන Oct 2018 - Oct 2019 දක්වාය .
Mobile Operating System Market Share Worldwide


මේ අනුව පෙනී යන්නේ Mobile  මෙහෙයුම් පද්ධති පමණක්  සලකූ කල Android  ඉතා පැහැදිලි ලෙස Mobile  වෙළඳපළ ජය ගෙන ඇති බවයි.Mobile  වෙළඳපළෙහි  ප්‍රමාණයෙන් 76.67% ක ප්‍රමාණයක් Andriod අල්ලාගෙන සිටියි.දෙවැනි තැන iOS ද (22.09%) තෙවැනි තැන KaiOS ද (0.42%) හිමි කරගෙන සිටියි.

මේ අනුව ඔබට මෙහයුම් පද්ධති වල වෙළඳපළ තත්වය කෙසේද යන්න පිළිබඳව සරල අදහසක් ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරමු.

Source : statcounter.com
පෙර පළවූ post එකට - click here 


GSMGeek 2019/11/18




Comments