Featured Post

How to create Bootable USB Using Ventoy

Realme wants to break away from Oppo, expand beyond phones | Realme සම්පූර්ණයෙන්ම වෙනම වෙන්වී යයි ද ?

Realme wants to break away from Oppo, expand beyond phones
Realme සම්පූර්ණයෙන්ම වෙනම වෙන්වී යයි ද ?

Realme සම්පූර්ණයෙන්ම වෙනම සමාගමක් ලෙස වෙන්වී යාමට බලාපොරොත්තු වන බවක් පෙනේ.Realme හි තායිවානයේ ප්‍රධාන වාණිජ නිලධාරි Chung Hsiang-wei  පවසා ඇත්තේ (Digitimes හරහා) ව්‍යාපාරික පරිමාණය අඛණ්ඩව ව්‍යාප්ත වුවහොත් සමාගමට තනිවම නැගී සිටීම කළ හැකි බවයි.Realme හට දැනටමත් තමන්ගේම පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායමක් (R & D team) සිටින අතර තමන්ගේම නිෂ්පාදන ක්‍රමද ගොඩනගා ගැනීමට අපේක්ෂා කෙරේ. නිෂ්පාදනවල සමස්ත ecosystem එකක්  ගොඩනැගීම තමයි ඔවුන්ගේ විශාලම ඉලක්කය.
වර්තමානයේ දී Realme යම්තාක් දුරකට Oppo මත රඳා පවතී.එහි සියලුම ස්මාර්ට්ෆෝන් තවමත් වෙනස්කම් කිහිපයක් සමඟ Oppo ColorOS මෙහෙයුම් පද්ධතිය භාවිතා කරයි.
මීට පෙර Android Authority web අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමාගමේ ප්‍රධානී Madhav Sheth මහතා මෙසේ පවසා ඇත “අපි නිෂ්පාදනය(production), තත්ත්ව පාලනය(quality control) සහ තවත් බොහෝ සම්පත් (Oppo සමඟ) බෙදා ගන්නෙමු. නමුත් Realme පරිශීලකයින්ට අවශ්‍ය වන අංගයන් පිළිබඳව අපගේම කණ්ඩායමක් ක්‍රියා කරයි.”
“We do share lots of resources (with Oppo) such as production, quality control and more. But we also have our own team working on features which Realme users want.”
Realme සහ Oppo මේ වන විට අත්වැල් බැඳගෙන සිටියත් Chung Hsiang-wei  පවසන්නේ ඔවුන්ගේ පරිශීලකයන් එකිනෙකට වෙනස් බවයි.Oppo භාවිතා කරන්නන්ගෙන් 60% ක් කාන්තාවන් වන අතර, Realme භාවිතා කරන්නන්ගෙන් 60% ක් පිරිමින්ය.  Oppo මිළ අධික(premium smartphone) ස්මාර්ට්ෆෝන් අංශය දෙසට ගමන් කරන බවත්, Realme  තරුණ පරිශීලකයින් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට අවශ්‍ය බවත් ප්‍රධාන වාණිජ නිලධාරි  අවධාරණය කර  ඇත .
2020 දෙවන කාර්තුව වන විට Realme සමාගම දැරිය හැකි මිලකට 5G දුරකථන හඳුන්වා දෙන බව පවසමින් අඩුමිල දුරකථන ගැනුම්කරුවන් ඉලක්ක කර ගැනීමේ සමාගමේ අභිලාෂයන් ඔහු තවදුරටත් තහවුරු කළේය.තායිවානයේ Realme දියත් කිරීමට අදහස් කරන 5G දුරකථන වලින් එකක් වන්නේ Realme X50 5G දුරකථනය ය. 
“නව Realme දුරකථන හඳුන්වාදීම සමඟ අපට මෙම තරඟයේ  රැඳී සිටිය හැකි අතර, සමාගම ස්මාර්ට්ෆෝන් වෙළඳපොළෙන් ඔබ්බට ගොස් ඇති බවයි.” යනුවෙන් Chung Hsiang-wei පවසයි.පැළඳිය හැකි උපකරණ(wearables) මෙන්ම රැහැන් රහිත හෙඩ්සෙට්(wireless headset ) වෙළඳපොළට නිකුත් කිරීමට සමාගම සැලසුම් කර ඇති බව ඔහු තහවුරු කරන ලදී. Realme ට ඊළඟ Xiaomi වීමට අවශ්‍ය බවක් පෙනේ. එය දැනටමත් ඉන්දියාවේ සිව්වන විශාලතම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්ව ඇති අතර ගෝලීය වශයෙන් හත්වන ස්ථානයයි.
රටවල් 20 ක් වෙත ළඟා විය හැකි දැරිය හැකි මිලකට උපාංග නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති Realme නුදුරු අනාගතයේ දී Xiaomi සහ Samsung වැනි සමාගම්වලට ඇති ලොකුම තර්ජනය විය හැකිය.

“නැගී එන වෙළඳපලවල සහ online ක්‍රම වල වර්ධනය අඛණ්ඩව සිදුවන බැවින් ලබන වසරේදී Realme වෙළඳපොළේ විශාල  තරඟකරුවෙකු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.” යැයි Counterpoint  විශ්ලේෂකයෝ ඔවුන්ගේ නවතම ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීමේ වාර්තාවේ සඳහන් කළහ.


Comments