Featured Post

How to create Bootable USB Using Ventoy

Rotating camera smartphone patent from Huawei, could be P Smart Z 2020 | Huawei සමාගම ස්මාර්ට් දුරකතන දෙකක් සඳහා නව පේටන්ට් බලපත්‍ර ලබාගනී.

Rotating camera smartphone patent from Huawei, could be P Smart Z 2020
Huawei සමාගම ස්මාර්ට් දුරකතන දෙකක් සඳහා නව පේටන්ට් බලපත්‍ර ලබාගනී.
 

--------------------------------------------------------------------------------
මෙම වසරේ මුල් කාර්තුවේදී Huawei සමාගම විසින් pop-up selfie camera වක් සහිත full view display එකක් ඇති දැරිය හැකි මිලකට ලබාගත හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක් වන P Smart Z හඳුන්වා දෙන ලදී.සමාගමේ නව පේටන්ට් බලපත්‍ර දෙකක් මගින් පෙන්නුම් කරන්නේ ඊළඟ පැමිණෙන P Smart Z  ස්මාර්ට් ජංගම දුරකථනය නව කැමරා සැකසුම් පද්ධතියක් සමඟ පැමිණෙන බවයි.

2019 ජුනි 11 වන දින, Huawei සමාගම විසින් EUIPO  (European Union Intellectual Property Office/යුරෝපීය සංගමයේ බුද්ධිමය දේපල කාර්යාලය) ට නව නිර්මාණ පේටන්ට් බලපත්‍ර දෙකක් සඳහා ඉල්ලුම් කරන ලද අතර එය WIPO (World Intellectual Property Office/ලෝක බුද්ධිමය දේපල කාර්යාලය) හි ද ඇතුළත් වේ, මෙම පේටන්ට් බලපත්‍ර දෙකම සැප්තැම්බර් අග වන විට අනුමත කර ඇත(LetsGoDigital).
මෙම පේටන්ට් බලපත්‍ර මගින් තනි සහ ද්විත්ව භ්‍රමණය වන කැමරාවක් සහිත ස්මාර්ට්ෆෝන් එකක් පිළිබඳව හෙළි කරයි. යි. අපට  සෙල්ෆි ගැනීමට අවශ්‍ය වූ විට, පසුපස කැමරාව පිටුපස පැත්තෙන් විවෘත වන අතර ඉදිරිපස කැමරාවක් ලෙස ක්‍රියා කිරීම සඳහා එය display  එකට  ඉහළින් දකුණට පෙරළේ.
මෙහි තනි කැමරා මාදිලියේ, පිටුපස පැත්තේ P Smart Z එක හා සමාන වර්ණ කොටස් දෙකක් අඩංගු වන අතර,භ්‍රමණය වන කැමරාවට පහළින් ද්විතියික කාචයක් මෙන්ම fingerprint sensor සහ LED flash එක ඇත.
ද්විත්ව කැමරා මාදිලියේ කැමරාවන් දෙකම කැමරාව භ්‍රමණය වන කැමරා පද්ධතියට එකිනෙක යාබදව තබා ඇති අතර සම්පූර්ණ සැකසුම දුරකථනයේ ඉහළ මැද පිහිටා ඇත. කෙසේ වෙතත්, මෙම ආකෘතියට ඇත්තේ තනි වර්ණයක් පමණි.
Huawei P Smart Z තරමක් හොඳ ස්මාර්ට් ජංගම දුරකතනයක් වේවි කියා අප බලාපොරොත්තු වෙමු.කෙසේ වෙතත්, එය නුකුත් කිරීම සඳහා ඊළඟ වසර එනතුරු අපට බලා සිටීමට සිදුවනු ඇත.


Comments