Featured Post

How to create Bootable USB Using Ventoy

Facebook වල ඇති Photos Google Photos වෙත මාරුකිරීමේ හැකියාව ළඟදීම.

Facebook’s new tool lets you transfer pictures to Google Photos
Facebook වල ඇති Photos Google Photos වෙත මාරුකිරීමේ හැකියාව ළඟදීම.

Facebook සමාගම නව Tool එකක් අත්හදා බලමින් සිටින අතර මෙහිදී  Facebook පරිශීලකයින්ට තමන්ගේ ඡායාරූප සෘජුවම Google Photos  වෙත transfer කිරීමට ඉඩ සලසයි. මෙම ක්‍රමය මුලින් අයර්ලන්තයේ අත්හදා බලමින් සිටින අතර එය සාර්ථක වී ඇති බව දැනගන්නට ලැබේ. එය 2020 මුල් භාගයේදී ලොව පුරා පරිශීලකයින්ට ලබා දීමට Facebook සමාගම අපේක්ෂා කරයි.
Facebook හි රහස්‍යතා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ Steve Satterfield මහතා මෙසේ අදහස් දක්වා ඇත.
“දශකයකට ආසන්න කාලයක් තිස්සේ ෆේස්බුක් වෙතින් ඔවුන්ගේ තොරතුරු download  කර ගැනීමට අපි මිනිසුන්ට අවස්ථාව ලබා දී ඇත්තෙමු.අපි ආරම්භ කර ඇති ඡායාරූප හුවමාරු tool එක පදනම් වී ඇත්තේ විවෘත කේත දත්ත හුවමාරු ව්‍යාපෘතියට(open-source Data Transfer Project) අපගේ සහභාගීත්වය තුළින් වර්ධනය වූ කේතය මත ය.”
“For almost a decade, we’ve enabled people to download their information from Facebook,The photo transfer tool we’re starting to roll out today is based on code developed through our participation in the open-source Data Transfer Project.”
මෙම Data Transfer Project එකට Apple, Google, Microsoft, Twitter, සහ තවත් සමාගම් බොහෝ ඇතුළත් වේ.Facebook සමාගම පවසන්නේ දැනට මෙය Google Photos වලට පමණක් වුවත් ඉදිරියේදී ඉහත කී සමාගම් සමග එක්වී මෙම ක්‍රමය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තුවන බවයි.අයර්ලන්තයේ දී මෙය සාර්ථක වීමෙන් අපට ද ඉක්මනින්ම මෙම අවස්ථාව උදාවනු ඇත.
මෙම tool එක Google Photos භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකථන වලින් ස්වයංක්‍රීයව පින්තූර backup නොකරන අයට ප්‍රයෝජනවත් වනු ඇත.

Comments