Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei Mate X සඳහා තෙවන පාර්ශවීය screen protector එපා!

Do not install third party screen protector on Huawei Mate X: Huawei VP
Huawei Mate X සඳහා තෙවන පාර්ශවීය screen protector එපා!

ඔබ නව ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගන්නා විට, ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පළමු උපාංගවලින් එකක් වන්නේ screen protector එකකි.නමුත් ඔබට Huawei Mate X 5G වැනි ස්මාර්ට් ජංගම දුරකතනයක් සඳහා screen protector එකක් මිලදී ගන්නවානම් නම් ඔබ දෙවරක් සිතා බැලිය යුතුය.
Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහයේ Handset  අංශයේ (President of Huawei Consumer Business Group Handset Division)උප සභාපති Bruce Lee මහතා පැවසුවේ Huawei Mate X දැනටමත් එහි ආරක්ෂිත ආවරණයක් සමගවෙළඳපලට  එන බවයි.
“ගනුදෙනුකරුවන්ට තෙවන පාර්ශවීය screen protector  ස්ථාපනය කිරීමට අවශ්‍ය නැත, එසේ කළහොත්, එය නම්‍යශීලී display එකෙහි ස්ථර වලට බලපානු ඇති අතර එහි ආයු කාලය කෙටි විය හැකිය. ආරක්ෂිත ආවරණය  ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පාරිභෝගිකයින්ට බලයලත් සේවා මධ්‍යස්ථානයකට පැමිණිය හැකිය.”යනුවෙන් ඔහු පැවසීය.
Huawei Mate X හි display එක අළුත්වැඩියා කිරීම සඳහා යුවාන් 7080 (අසන්න ලෙස ශ්‍රීලංකා රුපියල් 182445 ක් පමණ) ක් වැය වන අතර පළමු display  ප්‍රතිස්ථාපනය(replacement) සඳහා පාරිභෝගිකයින්ට 50% ක වට්ටමක් ලැබෙනු ඇත, එය තවමත් ඉතා ඉහල අගයකි.. එබැවින්, තෙවන පාර්ශවීය screen protector එකක් ස්ථාපනය නොකරන ලෙස අපි මේට් එක්ස් භාවිතා කරන්නන්ට නිර්දේශ කරමු.

Comments