Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei Nova 6 5G official renders reveals complete design, registration goes live | Huawei Nova 6 5G ගැනීමට දැන් ලියාපදිංචි විය හැකිය.

Huawei Nova 6 5G official renders reveals complete design, registration goes live
Huawei Nova 6 5G ගැනීමට  දැන් ලියාපදිංචි විය හැකිය.

Honor V30 ශ්‍රේණියේ 5G දුරකථන වලට පසුව, Huawei සමාගම  සිය පළමු අඩු වියදම් 5G ස්මාර්ට් ජංගම දුරකථනය වන Huawei Nova 6 5G දෙසැම්බර් 5 වනදා චීනයේදී එළිදැක්වීමට නියමිතය.දැන් මෙම ස්මාර්ට් ජංගම දුරකථනය චීනයේදී වෙන් කරවා ගැනීමට  ගැනීමට හැකිය. නොවැම්බර් 30 දින සිට, Huawei Nova 6 5G දුරකථනය චීනයේ Vmall සහ අනෙකුත් ප්‍රධාන eCommerce platform වල 8GB + 128GB සහ 8GB + 256GB ප්‍රභේද වලට ලියාපදිංචි වීමට හැකි අතර, එය කළු, නිල්, දම් සහ රතු ඇතුළු වර්ණ හතරකින් ලබාගත හැකිය.
දැනට, වෙබ් අඩවියේ නිල මිලක් ලැයිස්තුගත කර නොමැති නමුත් එය දෙසැම්බර් 5 වන දින දැන ගත හැකි වනු ඇත.
Huawei Nova 6 5G හි ප්‍රධාන සෙල්ෆි කැමරාව 32MP අපේක්ෂා කෙරේ. එය අංශක 105 ක අතිශය පුළුල් කෝණික කැමරාවක් සහිත dual-punch hole display එකක් සමග පැමිණෙනු ඇත.
මීට අමතරව, Huawei Nova 6 5G අඳුරු පරිසරයක දී වඩා හොඳ සෙල්ෆි ලබා ගැනීම සඳහා selfie super night scene 2.0  සමඟ පැමිණෙනු ඇත.එය මීට පෙර Nova 5 series එකේදී හඳුන්වාදෙන ලදී.
Huawei Nova 6 5G සිරස් අතට පෙලගැසී ඇති ත්‍රිත්ව පසුපස කැමරාවකින් සමන්විත වන අතර එහි අවසානයට LED ෆ්ලෑෂ් එක ඇත. දකුණු පැත්තේ සංවේදක ලේසර් ඔටෝෆෝකස් ඇත. දුරකථනයේ දකුණු පැත්තේ, fingerprint sensor  සහිත power button එකක් සමඟ volume adjustment keys ඇත.
Huawei Nova 6 5G මේ වන විටත් TENAA සහ 3C වෙතින් 40W Huawei SuperCharge සමඟ සහතිකය කර ඇති අතර 4G සහ 5G මාදිලිවල NSA / SA  network වලට සහාය දක්වයි.
ඉතාමත් ඉක්මනින්ම මෙම දුරකථනය ලංකාවේ දීද අපට  මිලදී ගැනීමට හැකි වනු ඇත.

Comments