Featured Post

How to create Bootable USB Using Ventoy

Xiaomi posts record Q3 revenues, but smartphone sales drop | Xiaomi සමාගමට වාර්ථා ගත අදායමක් .

Xiaomi posts record Q3 revenues, but smartphone sales drop

Xiaomi සමාගමට වාර්ථා ගත අදායමක් .

2019 තුන්වන කාර්තුව සඳහා Xiaomi සමාගමෙහි ආදායම වෙන කවරදාටත් වඩා වැඩි වී ඇති අතර එය  ඩොලර් බිලියන 7.63 ක් විය. නමුත් එය ලබා ගත් ආකාරය වඩාත් සිත්ගන්නා සුළු වේ.සමාගමේ IoT සහ Smart Home අංශ මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ   අතර ස්මාර්ට්ෆෝන් අංශය සුළු වශයෙන් පහත වැටී ඇත.
ස්මාර්ට්ෆෝන් අලෙවිය මගින් තවමත් වැඩි අදායමක් ලබාගෙන ඇති අතර එය ඩොලර් බිලියන 4.59 ක් වේ.කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාව පසුගිය වසරට වඩා 7.8% කින් පහත වැටීමකි. Xiaomi විසින් Q3 හි ස්මාර්ට්ෆෝන් මිලියන 32.1 ක් නැව්ගත කර ඇති අතර එය ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයට පත්ව ඇත. (Canalys අනුව වෙළඳපල කොටස 9.2%).
IoT උපාංග සහ අනෙකුත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවියෙන් ඩොලර් බිලියන 2.22 ක අදායමක් උපයා ඇති අතර එය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 44.4% ක සැලකිය යුතු වැඩි වීමකි.Xiaomi සමාගම smart TV සහ laptop පරිගණක වලින් පමණක් ඩොලර් මිලියන 824 ක අදායමක් උපයා ඇත.එය 36.5% කින් ඉහළ යාමකි.
මේඅනුව Xiaomi හි ගෝලීය ව්‍යාප්තිය සාර්ථක වී ඇති බවක් පෙනේ.Q3 සඳහා වන විදේශ ආදායම 17.2% කින් ඉහළ ගොස් ඇති අතර කාර්තුව සඳහා මුළු පිරිවැටුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වේ.
2019 මුල් මාස නවය තුළ Xiaomi සමාගමේ ශුද්ධ ලාභය ඩොලර් බිලියන 1.3 දක්වා වැඩි වී ඇත.එය පසුගිය වසරේ එම කාලයට වඩා 37.1% ක වර්ධනයකි. මේ ඩොලර් බිලියන 1.3 ක ලාභය 2018 මුළු අවුරුද්ද  තුළම Xiaomi ලැබූ  ලාභය ට වඩා වැඩිය.


Comments