Featured Post
- Get link
- X
- Other Apps
Popular social messaging app ToTok has been found to spy on its user
social messaging app එකක් වන ToTok පරිශීලකයිගේ ඔත්තු බලයි.
WhatsApp සහ Skype වලට සමානව, Emirati user-to-user messaging app වන ToTok, මිනිසුන් සම්බන්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, ඇමරිකානු නිලධාරීන් සොයාගෙන ඇත්තේ මෙම App එකට වඩා නරක අරමුණක් ඇති බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය විසින් පරිශීලකයින් සොයා ගැනීම සඳහා ToTok භාවිතා කරන බව නිලධාරීන් සොයාගෙන තිබේ. මෙයට data mining text conversations, location services හරහා physical locations ලබාගැනීම, සහ ඕනෑම sound එකක සහ audio එකක recording ලබාගැනීම මෙයට ඇතුළත් වේ.
බොහෝ පුරවැසියන්ට WhatsApp වැනි ජනප්‍රිය messaging apps භාවිතා කිරීමට නොහැකි බැවින්, මැදපෙරදිග ToTok වඩාත් ජනප්‍රිය වීමට හේතුවකි.
මුලින් Android සහ Apple උපාංග සඳහා ලබා ගත හැකි ToTok මැද පෙරදිග, යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ මෑතකදී උතුරු ඇමරිකාවේ ජනප්‍රියත්වයට පත්විය. චීන ටෙලිකොම් දැවැන්තයා වන Huawei වෙළඳ දැන්වීම්වල පවා මෙම App එක ප්‍රවර්ධනය කළේය.
Apple සහ Google යන සමාගම් දෙකම ඔවුන්ගේ app stores වලින් මෙම App එක ඉවත් කර ඇත. මීට පෙර ToTok Download කළ පරිශීලකයින්ට ඔවුන්ගේ දුරකථන වලින් එය manually ඉවත් කරන තුරු තවමත් app එක භාවිතා කළ හැකිය.
එහි පරිශීලක පදනම මූලික වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා ඇත. එහෙත්, එය ලබා ගත හැකි වූ මාස කිහිපය තුළ,App Store සහ Google Play වෙතින් ඉවත් කිරීමට පෙර එක්සත් ජනපදයේ වැඩිපුරම download කළ social apps වලින් එකක් බවට පත්විය.
New York Times පුවත්පතට අනුව, ToTok, භාවිතා කරන්නන්ගේ data mine කිරීමට සහ පරිශීලකයින් track කිරීම මුලින්ම තීරණය කළේ කවදාද යන්න පැහැදිලි නැත.
ToTok, a popular app developed in the Mideast, is billed as a “fast and secure” chat service. It’s actually a spy tool used by the government of the United Arab Emirates, officials say. https://t.co/JS9AQHsglQ— The New York Times (@nytimes) December 22, 2019
Comments
Post a Comment