Featured Post

How to create Bootable USB Using Ventoy

Xiaomi මස 3ක් තුල Redmi Note 8 මිලියන 10 අලෙවි කරයි.

Xiaomi sells 10 million Redmi Note 8 phones in just three months
Xiaomi මස 3ක් තුල Redmi Note 8 මිලියන 10 අලෙවි කරයි.

Xiaomi සමාගම විසින් මෙම වසරේ අගෝස්තු 29 වන දින නිල වශයෙන් Redmi Note 8 දුරකථන කාණ්ඩය නිකුත් කරන ලදී.Redmi Note 8 සහ Redmi Note 8 Pro විකිණීම ආරම්භ කර මාස තුනකට පසුව සමාගම ලොව පුරා ඒකක මිලියන 10 ක් අලෙවි කර ඇත.දැවැන්ත ජයග්‍රහණය සැමරීම සඳහා සමාගම සිය වෙබ් අඩවියේ Redmi Note 8 සඳහා  වට්ටමක් ද  ලබා දී ඇති  නමුත් එය 6/128 GB මාදිලියට පමණක් වන අතර එය චීනයට පමණි.
මෙම සන්ධිස්ථානය පසුකිරීම විශ්මය දනවන සුළුය.Redmi Note7 අලෙවිය හා සසඳන විට එය වඩාත් කැපී පෙනේ.මෙම midrange දුරකථන මාදිලිය මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉලක්කම් අටේ ප්‍රමාණයට (10 million/10000000) ළඟා වී ඇත.එය මිට පෙර නිකුත් කළ මාදිලියට වඩා දින 30 ඉක්මනින් මෙම සීමාව පසු කිරීමකි.සමාගම නිවේදනය කරන පරිදි දවසකට දුරකථන 110,000 ක් බැගින් සෑම දවසකම මස තුනක් තිස්සේ මෙය අලෙවි වී ඇත.
මෙම දැවැන්ත සන්ධිස්ථානය පසුකර සිටින Xiaomi සමාගම පවසන්නේ පැවැත්වීමට නියමිත Redmi K30 නිවේදනය කෙරෙහි වැඩි අවධානය යොමු කරන බවයි.ඔවුන්ගේ sub-brand එකෙහි පළමු 5G උපාංගය වන එය full -screen අත්දැකීමක් සහ punch-hole design එකක් සමග dual camera අත්දැකීමක් අපි අපේක්ෂා කරමු.තවද තවද Redmi K30 සහ Redmi K30 Pro fast-charging සහය ඇතිව නිකුත් වීමට නියමිතය.





Comments